‘මගේ ආදරේ තාම එයාට කිව්වේ නෑ’ සංගීතේ රංජන් අයියා කියන කතාව

ප්‍රභාත් චතුරංග කියන්නේ කලාවට අලුතෙන් පිවිසි රංගන ශිල්පියෙක්. සංගීතේ ටෙලිනාට්‍යය හරහා ජනප්‍රිය වූ ප්‍රභාත් මේ වන විට බොහෝ දෙනකුගේ ආදරණීය චරිතයක් වී හමාරයි. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. මෙගා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රභාත්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද, සංගීතේ ටෙලිනාට්‍යයේ රංජන් ගේ චරිතය තමයි මට ලැබිලා තියෙන්නේ. ඒ චරිතය මගේ සැබෑ ජීවිතයට සමීප චරිතයක්. මම හිතන පතන විදිහ වුණත් රන්ජන් වගේම තමයි. ඉතින් ඒ නිසාම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ”මම හිතන්නේ මේ චරිතය ගොඩක් වෙනස් චරිතයක්. විශේෂයෙන් රංජන් කියන්නේ ආදර්ශමත් චරිතයක්. මම දායක වුන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මේ අවස්ථාවේ මට ලැබිලා තියෙන්නේ.”

ඔබ තවම පෙම්වතෙකුගේ චරිත රඟපාලා නැහැ නේද, ”මම මේ වනතුරුම ඒ වගේ චරිත රඟපාලා නැහැ. හැබැයි දැන්නම් හිතෙනවා ඒ වගේ චරිත රඟපාන්න හොඳම කාලේ මේක කියලා. මේ වෙන තුරු මට පෙම්වතෙක් ගේ චරිතයට අවස්ථාව නැති උනත් මම හිතෙනවා ඉදිරියේදී මට ඒවගේ අවස්තාවක් ලැබේවි කියලා.”

ටෙලි කතා තුළ පෙම්වතෙක් නොවුනත් ඔබ සැබෑ ජීවිතය තුළ ප්‍රේමවන්තයෙක් ද, ”ඔව් ඇත්ත ජීවිතයේ මම ප්‍රේමවන්තයෙක්. හැබැයි තවම ඒ ආදරේ මම ප්‍රකාශ කරලා නැහැ. කෙටියෙන්ම මගේ ආදරේ එයාට කියාගන්න බැරි වුණා තවම. ඒ ආදරය මට ලැබෙයිද නොලැබෙයිද කියලවත් මම දන්නේ නැහැ. ඉදිරියට බලමු.”

ඔබ කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද, ”මම මුලින්ම මුලින් ම රඟපෑව ටෙලිනාට්‍ය තමයි ගිනි අවි සහ ගිනි කෙලි. ඊට කලින් මම සම්බන්ධවෙලා තියෙන්නේ සුළු සුළු චරිත වලට. කාලයක් වැඩ කරලා තමයි මම දෙරණත් එක්ක එකතුවෙලා දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඒ ටෙලි ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ ශිෂ්‍යයෙකුගේ චරිතයක්. මට මගේ චරිතය සාර්ථක කරගන්න ගොඩක් අය උදව් කළා. ඒ අයට ස්තූති කරනවා මම මේ වගේ තැනකට ගේන්න අඩිපාර හැදුවට.”

කවදා හරි දවසක රංගන ශිල්පියෙක් වෙනවා කියලා බලාපොරොත්තු වුණාද. ”ඔව් මට එහෙම බලාපොරොත්තුවක් තිබුණා. මම පොඩි කාලේ නම් නර්තනයට දක්ෂ කෙනෙක්. මම නර්තනය ගැන වැඩිපුර ඉගෙන ගන්නවා දැනටත්. මම රංගනය කියන දේට යොමු වෙන්නේ 2006 වසරේ. ඒ ජාතික රූපවාහිනියේ අතුරු මිතුරු වැඩසටහනින්. ඒ හැමදේම එක්ක මට පාසල් වේදිකාව අලුත් දෙයක් නෙවෙයි. පාසල් වේදිකාව කියන්නේ රංගනය ඉගෙන ගන්න හොඳම තැනක්. රංගනය කියන වචනය පොඩි උනාට ඇත්තටම එහි ගැඹුර විශාලයි. දවසින් දවස අපි රංගනය කියන දේ ඇතුළේ ජීවත් වෙමින් ඒ ගැන උනන්දුවෙන් තොරතුරු හොයන්න ඕනේ. කවදා හරි රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියලා මම හිතුවේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගෞරවය වෙන කිසිම වෘත්තිය කින් ලබා ගන්න බැරි නිසා.”

ඒ කියන්නේ ඔබ දිගටම රංගන කටයුතුවල නිරත වෙනවා කියන එකද, ”ඇත්තටම මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න ගොඩක් කැමතියි. කලාව කියන දේ මගේ ඇඟේ තියෙන නිසාම දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න තමයි මම කැමතියි. මට තව නිර්මාණ කීපයක් සදහා ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් දිගටම කලාවේ ගමනක් යන්න තමා බලාපොරොත්තුව. ඒ අතරේ මගේම කියලා පුංචි ව්‍යාපාරයකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ හැමදේම සමබරව කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *