මගේ ආදරවන්තියන් තුන්දෙනා – අවුරුදු 9ක් වැඩිමල් බිරිඳ තුරුල් කරන් දිනේෂ් කියන කතාව

ගායන ශිල්පියෙක් විදියට ලංකාවේම ආදරේ දිනාගන්න සමත් වුන දක්ෂ වගේම ලස්සන හඬකට හිමිකම් කියන කඩවසම් ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. එළිදක්වන හැම ගීතයක්ම ඉතාම ජනප්‍රිය වෙන්නත් දින්ෂ්ගේ කඩවසම් බව බලපානවා කියලයි හැමෝම වගේ කියන්නේ, මොකද ලංකාවේ තරුණියන් වැඩිම ආකර්ෂණයක් දක්වන ගායකයෙක් තමයි දිනේෂ්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ දිනේෂ් තරංග පිළිබඳවයි,

ඉරණම් ගමනේ, මා නුඹට පෙම් කලේ, මා ගාවින්, සංසාරේ, හැදුනද රිදුනද හිත මාගේ, වැනි ගීත රැසක් හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දිනේෂ් සමාජය තුල නිතරම කතාබහට ලක්වෙන චරිතයක්, එහෙම කතාබහට ලක්වෙන්න හේතුව තමයි ඔහුගේ පුද්ගලික ජීවිතය, මොකද දිනේෂ් විවාහ වෙලා ඉන්නේ ඔහුට වඩා අවුරුදු නවයක් වැඩිමල් කාන්තාවක් සමග, ඉතින් මේ සමාජ සම්මතයට පටහැඬි යැයි කියන විවාහ නිසා සමාජ ජාලා තුලින් දිනේෂ්ට විවිද කටකතා එල්ල වුනා, ඉතින් මේ හැම කතාවක්ම සන්සුන්ව අහගෙන හිටපු දිනේෂ් ඒ විවිද කතා කියපු අයට දුන්නේ මේ වගේ පිළිතුරක්,

අපි විවාහ වුනේ 2011දී, එතකොට මට අවුරුදු 21යි, ඇයට අවුරුදු 30යි, ඒ වගේම ඇය ඒ වනවිට එක්දරු මවක්, අද අපි දෙන්නා මහා ගොඩක් බාදක මැද්දේ අද අපිදෙන්න ගොඩක් සතුටින්, එදා මම අල්ලගත්ත මේ අත අල්ලාගෙන මම තවමත් මගේ ගමන යනවා, මම දවසින් දවස බැබලුනේ ඇයට තියෙන ආදරය සහ ගෞරවය නිසාමයි, කවි ලිව්වුට කමක් නෑ පද දැනගෙන ගලපලා, සහතික දුන්නට කමක් නෑ, සම්මතයේ ඔබ පිහිටලා, සිත් රිදවූ හැමෝම සුවපත් වේවා” කියලයි,

කොහොම වුනත් දිනේෂ් තරංග පසුගිය දවසක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ හරි අපූරු සටහනක් තියලා තිබ්බා ඒ තමයි ‘”මගේ ආදරණීය ආදරවන්තියෝ තුන්දෙනා වෙනුවෙන්. මගේ අලුත්ම ගීය – මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන්” කියලා, මේ සටහ තියලා තියෙන්නේ දිනේෂ් ඔහුගේ ආදරණීය බිරිඳ ආදරණීය දියණියන් දෙදෙනාත් ළඟ තියාගෙන ඉන්න පුන්තුරයක් සමග, ඉතින් කවුරු මොනවා කිවුවත් තමන්ගේ ආදරය වෙනුවෙන් සමාජය සමග සටන් කරන මේ ආදරණීය කැදැල්ලට ඔවුන් හිතන පතන දේවල් ඒ විදියටම වෙන්න කියලා අපි හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා,

Related Posts

Leave a Reply

Your email address will not be published.