Sat. May 21st, 2022

අයෝමි ශානිකා මේ නමින් ඇය හඳුන්වනවාට වඩා හැමෝම ඇයව හඳුනන්නේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යයේ ‘සුදු නංගි’ කියලා කිවුවම. ලංකාවේ අතිශය ජනප්‍රිය වුන මෙම ටෙලිනාට්‍ය නිසාම අයෝමි එවක තරුණයන්ගේ සිහින කුමරිය බවට පත්වෙලා හිටියා, කොහොම වුනත් මේ වනවිට අයෝමි කළා ලෝකය හරහා දකින්න ලැබෙන්නේ නෑ. ඇය මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා. රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට සේවය කරන අතරම ඇය සිය නිවසේ පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි අයෝමි කියන්නේ දැන් දෙදරු මවක්. ඉතින් අද මේ කතාබහ අයෝමි සමග.

අයෝමි ඔබ ජනප්‍රියත්වයේ ඉහලම තැනක ඉද්දි කලාවෙන් ඈත් වෙනවා ඇයි ඒ ”මෙහෙමයි මට කලාවෙන් ඈත්වෙන්න ප්‍රධානම දෙතුව වුනේ මට අවශ්‍ය වුනා මෙගේ පවුල වෙනුවෙන් වගේම මගේ දරුවන් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කරන්න. අනිත් හේතුව මම පදිංචිවෙලා ඉන්නේ නුවට නිසා ශුටින් වලට මට කොළඹ එන්න අමාරුයි, ඒ දේවල් නිසා මට ගොඩක් හොඳ කළා නිර්මාණ ගණනාවක්ම මගහැරුනා, ඒත් දරුවන්ට අම්මාගේ ආදරය සෙනහස රැකවරණය ඕනෙම කාලේ මට එයාලා ලංගම ඉන්න පුළුවන් උන නිසා ඒවා මගහැරුනට දුකක් නෑ.”

අයෝමි විවාහ වෙලා ඉන්නේ චින්තක දොළපිහිල්ල සමග, මේ දෙදෙනා දැන් ගොඩක් ආදරණීය ජීවිතයක් ගතකරනවා. ඒ වගේම තමයි චින්තකගේ උපන්දිනය පසුගියදිනක යෙදී තිබුනා ඉතින් අයෝමි මේ උපන්දිනය සමරලා තියෙන්නේ රෝහලකදී එයට හේතුව තමයි අයෝමිගේ අභී බබා අසනීප වෙලා රෝහල් ගතකරලා ඉතින් මේ දෙදෙනාත් රෝහලේදීම කේක් එකක් කපලා දරුවා ලඟම ඉඳගෙන පුංචි පාටියක් දාලා, මේ සුන්දර අවස්ථාවට රෝහල් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුත් එකතුවෙලා තිබ්බා, අයෝමි සැමියාගේ උපන්දිනයට ආදරනීය සටහනක් මුහුණු පොතට එකතු කරන්නත් අමතක කරලා තිබ්බේ නෑ ඒ සටහන තමයි ”Wish you a Very Happy Birthday to my loving hubby boy Chinthaka Dolapihilla May all your wonderful dreams come true” කියලා. ඉතින් අපිත් චින්තකට සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පතනවා ඒ වගේම යෝමිගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *