‘මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුවන් හමුදාවේ’ ජනප්‍රිය නිලි සංජානා කියන කතාව

සංජානා ඔනාලි කියන්නේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් අපි හිතුවා සංජානා එක්ක ටිකක් කතා කරන්න. මේ දිනවල සංජානා ආසම ගිතය කුමක්ද? “මම කරපු මියුසික් විඩියෝ එත මම නිතරම බලනවා. ඒ සිංදුව මම නිතරම අහනවා. මේ දවස්වල ‘මටත් ගස්සලා’ කියන සිංදුවට ගොඩක් කැමතියි. .”

සංජානා යන්න ආස කාලයක් තියෙනවද? “මම යන්න ආසම කාලය මොන්ටිසෝරි කාලයට. ඒ කාලේ ඇත්තටම හරිම ෂෝක්. මගේ අම්මා තාත්තා දෙන්නම ගුවන් හමුදාවේ. ඉතින් ඒ නිසාම මම ඉගෙන ගත්තේ ගුවන් හමුදාවේ පාලනය යටතේ තියෙන මොන්ටිසෝරියක. ඒ කාලේ මට ගොඩක් හොද යාළුවෝ ඉන්නවා. අද ඒ යාළුවෝ ගොඩක් ඉන්නේ පිටරට. ලංකාවේ ඉන්නේ තව යාළුවෝ දෙන්නෙක් වගේ. ඇත්තටම මම ආසයි ආයේත් ඒ කාලයට යන්න. අනික මම පොඩි කාලේට යන්න ආස නිල කොබෙයියෝ කියලා කරපු සෙල්ලටම. ඒක හැංගිමුත්තන් වගේ සෙල්ලමක්. ඉතින් පොඩි කාලේට ආසයි මම.”

සංජානා ජිවිත වෙන්න ආස කොහොමද ? “ඇත්තටම මම බොරු දේවල් වලට කැමති කෙනෙක් නෙවෙයි. මොකද මම යතාර්ථය තුළ ජිවත් වෙන්න කැමති කෙල්ලෙක්. කෙටියෙන්ම මම කැමතියි පොළවේ පය ගහලා ජිවත් වෙන්න. අසාධාරණ නැති සාධාරණ විදිහට තමා මම කැමතියි.”

පිටරට යන්න කොයි වගේ රටක්ද තෝරගන්නේ, “මම ආස එක රටක් තියෙනවා. ඒ තමා නවසිලන්තය. ඒක ඇත්තටම ලස්සන රටක්. මගේ බාප්පලා ඉන්නේ ඒ රටේ. මම ගිහින් තියෙනවා ඒ රටට. ඇත්තටම ලස්සන තැන් තියෙනවා එහේ ඇවිදින්න. ඒ වගේම ඒ රටවල්වල මිනිස්සු ගොඩක් “

ලංකාවේ ආස තැන, “මම ආස නුවරඑළියේ යන්න. මොකද එහේ තියෙන සිතලට මම ඇත්තටම කැමතියි. ඒ දේශගුණය හරි වෙනස්. අනික එහේ පරිසරයට වුනත් මම ගොඩක් කැමතියි.”

සංජානා නිළියක් නොවුනොත්, “ඇත්තටම මම නිළියක් නොවුනානම් මම මේ වෙද්දි ලංකාවේ නැති වෙන්න තිබුනා. එහෙම වුනානම් මම අනිවාර්යයෙන් විදේශ ගත වෙන්න තිබුනා. මොකද මගේ ගොඩක් අය ඉන්නේ විදෙස්ගත වෙලා. කොහොමත් මම ගොඩක්ම ආසයි වෙන රටක ජීවත් වෙන්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *