Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න සරාගීම රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියන්නේ. නිරූපන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉඳපු දිශ්නි පසුව ටෙලිනාට්‍ය හරහා වගේම සිනමාපට හරහාත් ලංකාවේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. ඉතින් අද අපේ කතා බහ හැමෝම හොඳින් හඳුනන ඩිස්නි රාජපක්ෂ සමග. ඩිස්නි මොකද වෙන්නේ මේ දවස්වල ”විශේෂ දෙයක් නෑ පරණ පුරුදු විදියටම මම මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. බාරගත්ත ටෙලිනාට්‍ය කිහිපයක් තියෙනවා ලැබුන පිටපත් කියවනවා”

ඔබ රංගන ශිල්පිනියක්ව ඉඳලා එකවරම නර්තනය පැත්තට යොමුවුනා නේද ”ඔව් මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුනාට පස්සේ තමයි නර්තනය පැත්තට යොමුවුණේ, රංගනය පැත්තෙන් වගේම නර්තනය පැත්තෙනුත් දෙයක් කරන්න ඕන කියලා මට හිතුනා. ඒ නිසා තමයි මම ලංකාව කියන සීමාවේ කොටුවෙන්නේ නැතුව ජාත්‍යන්තරයට ගිය නර්තන විලාසිතාවන් අනුකරණය කරමින් මගේ හැකියාවන් උපරිමෙන් මගේ ප්‍රේක්‍ෂකයන්ට නිරන්තරයෙන් දීමට උත්සාහ කලේ.”

ඔබ අභියෝග බාරගන්න කැමති කෙනෙක් විදියටයි ප්‍රසිද්ධ ඒක ඇත්තද ”ඇත්තෙන්ම ඔවු මම උත්සහ කරන්නේ නිතරම මගේ සීමාවෙන් එහා තියෙන වැඩක් කරගන්න. පිරිම අය පවා අපෝ බෑ කියපු වැඩ මම කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ වගේ දේවල් නිසා මගේ කකුල පවා ඩැමේජ් වුනා. එහෙමයි කියලා මම මගේ උත්සාහය අත්හැරියේ නෑ. මට දෙයක් කරන්න ඕන කියලා හිතුනොත් මම ඒ දේ කොහොමහරි කරනවා, ඒවා දැක්කම සමහරු කියනවා මම කරන වැඩ එක්ක පිරිමින්ට හැරෙන්නවත් බෑ කියලා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *