නිල්මිණි තෙන්නකෝන් කියන්නේ මෙරට සිටින සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක්. පුංචි තිරය තුල ඇය නම් කිසිදින අමතක නොවන චරිතයක් වී හමාරයි. නමුත් ඇයට වේදිකාව සිනමාවද ආදුනික තැනක් නෙවෙයි.ආදරණීය මවක් වන නිල්මිණී සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සහෘදයාට හමුවෙනවා.
අපි කාටත් ජීවිතේ අමතක නොවන සිදුවීම් තියෙනවා. සමහර සිදුවීම් අමතක කරන්න ඕන වුනත් අපිට අමතක කරන්න බෑ. අන්න එහෙම කදුලු කතාවක් ගැන නිල්මිණි පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණා. එම සාකච්ඡාවේ සාකච්ඡාවේදී ඇය දුන්න පිළිතුර වන්නේ
මගේ ජීවිතේ මට අමතක කරන්න බැරි ම සිදුවීමක් තියෙනවා. ඒ මම රිය අනතුරකට මුහුණ දීලා මාස තුනක් විතර රෝහල්ගත වෙලා ඉන්නවා. හැබැයි ඒ වෙනකම් මගේ දියණිය මේ සිදුවීම ගැන දන්නෙ නැහැ. මගේ නංගි තමයි මම විදිහට මගේ දුවට කතා කරලා තියෙන්නේ. මාස තුනකට පස්සේ තමයි මම මගේ දියණියව ඇස් දෙකෙන් දකින්න. හැබැයි එයා පිලිගන්නේ නැහැ ඒ මම කියලා. ඒ මතකය මට හරි අමාරුයි අදටත්.