බෝයි ෆ්‍රෙන් එක්ක සිතින් ගතින් එකතු වුනාම තමයි ඒ ආදරේ ශක්තිමත් වෙන්නේ

දෙරණ නාලිකාව කියන්නේ කලා ලෝකයට අලුත් අලුත් චරිත එකතු කරන රූපවාහිනී නාලිකාවක්, ඉතින් මේ නාලිකාවේ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 9.00ට විකාශය වන අලුත්ම ටෙලි නාට්‍යය තමයි ‘සැලෙනා නුවන්’ ටෙලිනාට්‍ය, සැලෙන නුවන් කියන්නේ ආදරේ ගැන කියාදෙන සුන්දර ටෙලිනාට්‍යක්, ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා කලාවට පිවිසුන සුන්දර රංගන ශිල්පිනියක් තමයි තුලංගා ජයකොඩි කියන්නේ, ඉතින් මේ දවස්වල තරුණයන්ගේ සිහින කුමරිය වෙලා ඉන්න තුලංගා එක්කයි අද අපේ කතාබහ,

තුලංගා ජයකොඩි මේ දවස්වල ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය වෙලා අවසන් ඉතින් තුලංගා කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක් ”මගේ නම තුලංගා ජයකොඩි, මට දැන් වයස අවුරුදු විසි තුනයි, මේ වනවිට මම පදිංචි වෙලා ඉන්නේ හෝකන්දර, ඒ වගේම මේ වෙද්දී මම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නර්ථන ගුරුවරියක විදියට සේවය කරනවා, ඒ අතරේ තමයි මම රංගන කටයුතුවල නිරතවෙන්නේ,”

තුලංගා රංගන දායකත්වය ලබාදෙන්නේ ගොඩක් ආදරණීය ටෙලිනාට්‍යකට ඉතින් තුලංගා ඔයා ඔයා ආදරේ ගැන මොකද හිතන්නේ ”ආදරය කියන්නේ අපි හැමෝටම ඕන දෙයක්, අපි හැමෝම අඩු වැඩි වශයෙන් විඳින දෙයක්, ආදරේ ලස්සන වෙන්න නම් ගැලපෙන කෙනා ජීවිතේට ලන්කරගන්න ඕන, ආදරේ කරද්දී හිත්රිදීම් සම්බන්ධතා බිඳවැටීම් වගේ දේවල් සිද්ධ වෙනවා. අපි ආදරේ කරනවා වගේම විරහව වින්දගන්නත් ශක්තිමත් වෙන්න ඕන, ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ තමයි අපි ආදරේ කරද්දී කායිකව හොඳට රා ගය විඳින්න ඕන, මානසිකව වගේම කායිකවත් එකතු උනාම තමයි හැඟීම් අඳුරගෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ සරවලම කියන වනම් බෝයි ෆ්‍රෙන් එක්ක සිතින් ගතින් දෙකෙන්ම එකතු වුනාම තමයි ඒ ආදරේ ශක්තිමත් වෙන්නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.