Sat. May 21st, 2022

මේධා ජයරත්න කියන්නේ සමාජ මාධ්‍ය තුළ වැඩි දුරටත් කතා බහට ලක්වෙන දක්ෂ මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක්. ඇගේ රංගන හැකියාව පිළිබඳව පිළිබඳව කිසිවෙකුටත් අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැත. ඉතින් අපි හිතුවා ඇයත් සමඟ කතා. කොච්චර වයසට ගියත් එකේ රුවින් නම් අඩුවක් නැහැ. කොච්චර වයසට ගියත් ඇත්තටම මෙච්චර ලස්සනට කොහොමද ඔබ ඔබේ ශරීරය පවත්වා ගන්නේ, මම හිතන්නේ ලස්සන කියන දේ හිත ඇතුලෙන් එන්න ඕන දෙයක්. මම පෝෂදායි ආහාර කනවා. ජිම් යනවා. මම කාටවත් වැරදි කරන්න හිතන කෙනෙක් නෙවෙයි. මගේ චේතනාව හරිම හොඳයි. මේ හැමදේම ලස්සනට ඉන්න බලපානවා කියල මම හිතනවා.

ඔබට ජීවිතේ වැරදුණු තැනක් හදා ගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ හදාගන්නෙ මොන වගේ තැනක්ද, මම ජීවිතේ වුන දේවල් ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතයේ වැරදුණ තැනක් තියෙනවා නම් මම ඒ වැරදුන තැනින් තමයි මගේ ජීවිතය පටන් ගන්නේ. ඇත්තටම මගේ ජීවිතේ සමහර දේවල් මට අහිමි වුන ගැන දුකක් නැහැ. ඒ වගේම සමහර දේවල් අත ඇරපු එක ගැනත් මම දුක් වෙන්නේ නැහැ.

අපිට ඔබේ විවාහ ජීවිතය අත්හැරුන එක ගැන දුකක් නැද්ද, අපේ ජිවිත වල සමහර තැන් තිබුණා අපිට ගලපගන්න බැරි වුණ. ඒ නොගැලපෙන තැන් අපි අඳුර ගත්තා. ඒ හැමදේම සමහර තැන් වලදි අපිට දැනෙන්න පටන් ගත්තා. නොගැලපීම් ගැළපීම් කරගන්න එක හරි අමාරුයි. අපි එකට උත්සහ කරත් අපිට ඒක කරගන්න බැරි වුණා. ඒ නිසාම අපි දෙන්නා වෙන් වුණා. හැබැයි ඒ ගැන දුකක් නැහැ. මම කළේ නොගැලපෙන දෙයක් අත ඇරපු එක විතරයි.

ඔබ දරුවෝ ගැන හිතන කෙනෙක්ද, මම නිතරම දරුවෝ හම්බවෙනවා. ඇත්තටම මම එයාල ගැන හිතනවා. මට මගේ දරුවො දෙන්නා දුන්නනම් මම හොඳට බලාගන්නවා. පහුගිය දිනෙක මම වෙන් වුන ඔහුට අසනීප වුණා. හැබැයි මම කෑම හදලා යැව්වා. හැබැයි ඒ කෑම කෑවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එයාගේ හිතේ තරහක් තියෙනවද නැද්ද කියලා දන්නේ එයාම තමා. කොහොම උනත් මම දරුවන්ට බලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *