Tue. May 17th, 2022

සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ කළා ලෝකයේ ඉන්න දඟකාර වගේම හුරතල් රංගන ශිල්පිනියක්, කාලෙන් කාලෙට විවිද පුවත් මවන චරිතයක් විදියටත් සංජානා හඳුන්වන්න පුළුවන්. කොහොම වුනත් සංජානා කළා ක්‍ෂේත්‍රයේ වැඩිපුරම ජනප්‍රිය වුනේ දෙරණ චැම්පියන් ස්ටාර් වේදිකාව හරහා. ඒ පේෂල මනෝජ් සිදුකල විහිළුවක් දුරදිග ගිහින්. කොහොම වුනත් ඉන්පසු සංජානා අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ඉතින් අද අපි මේ කතාකරන්න සුදානම් වෙන්නේ ජනප්‍රිය නිලි සංජානා සමග

සංජානා කළා ලෝකයට එනකොට එක එක කටකතා හැදෙනවා නේද මොකද හිතෙන්නේ ඒ ගැන ”අනේ ගොසිප් හැදෙනවට මට ගානක් නෑ, හැබැයි මම පොඩ්ඩක්වත් කැමති නෑ මගේ පවුලේ අයට කතා හැදෙනවට. සමහර වෙලාවට මම වැටෙනවා, ඒ වෙලාවට මම හිත හදාගන්නවා ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා නේ කියලා, ඉතින් දැන්නම් ගොසිප් හැදුනට ගානක්වත් නෑ”

සංජනාගේ ඉදිරි සැලසුම් මොනවද ”මම දැන් රංගන ශිල්පිනියක් විදියට ප්‍රසිද්දයි, ඒ වගේම මේ දවස්වල නිවේදනය සහ හඬකැවීම අංශයෙන් කටයුතු කරනවා, දැන් මගේ තියෙන එකම ටාගට් එක මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. ඒකට අවශ්‍ය මූලික දේවල් කරගෙන යනගමන් ඉන්නේ, ඒ විතරක් මගේම කියලා යූටියුබ් චැනල් එකක් තියෙනවා.”

සංජානා මේ දවසල ගොඩක් ප්‍රසිද්දයි එයට හේතුව තමයි ඇය මේ දවස්වල සමාජ ජාලාවලට එකතු කරන පින්තූර පසුගිය දිනක කොළඹ බේරේ වැවේ පැවැත්වුන ජල ක්‍රීඩා තරඟය පිලිබඳ එකතු කරලා තිබ්බ සටහනක් නිසා ඒ තමයි ”බේරෙ වැවේ ජල ක්‍රීඩා කරන වැදිල මාමිලට උණක් හෙම්බිරිස්සාවක් නම් හැදෙන්නෙපා” කියලා, මේ සටහනට ඇයගේ රසිකයන් හැමෝම වගේ විවිද ප්‍රතිචාර දක්වලා තිබ්බා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *