Tue. May 17th, 2022

කළා ලෝකයේ හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක් තමයි ශෂී ඇන්ජලීනා කියන්නේ. ඇය ලාංකේය ප්‍රේක්ෂකයන් තුල වඩාත්ම ජනප්‍රිය වුනේ ගීත රූපරචනා හරහා, ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. පසුගිය කාලයේ විකාශනය වුන ‘පෝර්ක් වීදිය’ හරහාත් ශෂී ඇන්ජලීනා ගොඩක් ජනප්‍රිය වුනා ඉතින් දැන් අපි සුදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ශෂී ඇන්ජලීනා සමග ටිකක් කතා කරන්න. ශෂී දැන් මොකද කරන්නේ ”මේ දවස්වලනම් රටේ තියෙන තත්වය එක්ක කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්නේ. වැඩ පාඩු උනත් කමක් නෑ ජනතා සල්ලි හොරාකාපු පාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවනම්”

ඔබ කාලෙකින් මියුසික් වීඩියෝ වලදී දැක්කේ නෑ ඔබ රඟපෑමෙන් ඉවත්වෙලාද ” එහෙම නෑ, මම රඟපානවා ඒ හොඳ වැඩකට කතා කලොත් විතරයි. කාලයක් මම බූට් කාපු සින්දු, අඬපු සින්දුවල චරිතමනේ කළේ. මට ඒවා එපා වුනා. ඉතින් මට එතනින් එහාට දෙයක් කරන්න ඕන වුනා. ඇත්තම කියනවනම් මම පහුගිය කාලේ කරපු සකලගුරු වගේම පෝර්ක්වීදිය මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් තෝතැන්නක් වුණා.”

ශෂී ඇන්ජලීනාට වැඩ එන්නේ අඩුවෙන් නේද ”ඒ කතාවේ ඇත්තක් තියෙනවා මොකද මටත් එහෙම හිතෙනවා, මම හිතන්නේ සමහර විට මම මියුසික් වීඩියෝ කියන රාමුවකට කොටුවෙලා හින්දා වෙන්න ඇති අනිත් කළා නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නැතුව ඇත්තේ. හැබැයි සකල ගුරු ටෙලි නාට්‍යයෙන් පසසේ මම පෝර්ක්වීදිය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. ඊටපස්සේ නම් නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *