‘බුවී කියන්නේ මට ලැබුන නිධානයක්’ සජිත කියන කතාව

කලා ක්ෂේත්‍රය තුළ ජැක්සන් ඇන්තනී කියන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගනයට සම කළ කිසිවෙකුත් නැති තරම්. ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැති වග සනාථ කරමින් ඔහු සිය දරුවන් තිදෙනාටම කලාව පය තබා හමාරයි. සජිත ඇන්තනී කියන්නෙත් ජැක්සන් පවුලේ තුන්වෙනි පුරුදු. කෙසේ වෙතත් මේ දිනවල ඔහු ගැන කතා නොකරන කෙනෙක් නැති. ස්වර්ණවාහිනීයේ විකාශනය වන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලබන ඔහු සරා කියන චරිතයට පණ පොවයි. සරා කියන චරිතය හරහා සජිත්ගේ රංගන හැකියාව මැනවින් විදහා දක්වනවා. බොහෝ විට බොහෝ දෙනා අද ඔහුට ආමන්ත්‍රණය කරන්නේ සරා යනුවෙන්. ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය සරා සජිතගේ ජීවිතය තුළ වෙනසක් ඇති කරපු නාට්‍ය චරිතයක්. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්නයි.

සජිත කියන්නේ විවාහක නිසාම සජිතගෙ ජීවිතය තුළ රංගනයට බුවිගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”මම හිතන්නේ බුවි කියන්නේ සංසාරෙන් සංසාරයට මම පතාගෙන ආපු මගෙම ආදරයක්. සමහර වෙලාවට මටත් වඩා හොඳට මාව තේරුම් ගන්නේ ඇය. අනිත් කාරණය තමයි බුවි මගේ ජීවිතයට ආව දවසෙ ඉඳන් මගේ නිර්මාණ ජීවිතය වෙනස් වුණා. මොකද රංගනය තුළ මම ලොකු ප්‍රගතියක් ඇය හමු වීමෙන් පසුව දැක්කා. සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් ඉන්නවා කියන්නේ බොරුවට නෙවෙයි. ඇත්තටම මගේ සාර්ථකත්වය පිටුපස ඇය ඉන්නවා. මට ලැබුන නිධානයක් තමයි බුවී”

ඔබේ පියාගෙන් ඔබේ ජීවිතයට ලැබුණු පන්නරය කොහොමද, ”මම මුලින්ම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ජැක්සන් ඇන්තනී කියන පවුල තුළ මම ඉපදීම ගැන. සමහරවිට ඒක මගේ දෛවය වෙන්න ඇති. කලාව කියන දේ හදාරන්නෙකුට මගේ පවුල පාසලක් වගේ. අම්මගෙන් ලැබුණු ගායන හැකියාව තාත්තාගෙන් ලැබුණු රංගන හැකියාව පුංචි කාලේ ඉඳලම මාව කලාවට නැඹුරු කළා. මගේ තාත්තා වේදිකා නාට්‍යවල රඟපාන කොට අපි ඔහුට දෙන දෙනා අත්පොලසන් නාදය මටද දැනුනා. කලාව තුළ මම යම් ප්‍රගතියක් ඇති කරන යම් තැනක් ලියාගෙන තියෙනවා නම් එහි මුල්ම ගෞරවය හිමි වෙන්න ඕන මගේ පියාට.”

පියා වගේම ඔබ ඉදිරියේදී තිරපිටපත් රචකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවාද,” අනිවාර්යෙන්, පිටපත් රචනය කියන දේට මම ගොඩක් කැමතියි, මේ වන විට මම චිත්‍රපට කීපයක් සඳහා ටෙලි නාට්‍ය කීපයක් සඳහාත් පිටපත් රචනය කරගෙන යනවා. අනිවාර්යයෙන් මේ සියලු දේ දවසක නිර්මාණ විදිහට විදිහට දොරට වඩිවි. මම කොහොමත් එක තැනකට කොටු වෙලා ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. විවිධ ක්ෂේත්‍ර වලට යන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වන විට ගීත දෙක තුනකට රූප රචනා කිහිපයක්ම කරලා ඉවරයි.”

සරාට ලැබෙන ආදරය ගැන කතා කළොත්, ”සරා කියන චරිතට අද ගොඩක් දෙනා ආදරේ කරනවා. කාලයේදී සරාට පොලුවලින් පහර දෙන දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය බලලා ගොඩක් පොඩි අය බයවෙලා කලබලයට පත් වෙලා තිබුණා. ගොඩක් මවුපියන් මට පෞද්ගලිකව කථා කළා. දරුවන්ගේ හිත් හදන්න පොඩ්ඩක් එයාලා එක්ක කතා කරන්න කිව්වා. අනික තව කෙනෙක් හිටියා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලිවලින් ගත්ත ත්‍රීවිල් එකේ සරාගේ චරිතය ගහන්න පෙළඹුනා. සරාගේ චරිතයට දවසින් දවස ආදරේ එකතු වෙනවා මිසක් ආදරේ අඩුවක් වෙලා නැහැ. සරා කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු චරිතයක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *