බිරිඳගේ අනියම් පෙම හසුවුණ නිසා විවාහයට සමුදුන් මහේල සුරූපී තරුණියක් සමග නැවතත් යුගදිවියට

ලංකාවේ හැමෝම ආදරේ කරන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. අපේ ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ක්‍රිකට් තරඟ නරඹන්නේ හදවතින්මයි. ඉතින් මේ විදියට ක්‍රිකට් හරහා හැමෝගෙම ආදරේ නොඅඩුව දිනාගත් චරිතයක් තමයි ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල මහේල ජයවර්ධන කියන්නේ. මගේලගේ සම්පුර්ණ නම ‘දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන’ 1977 මැයි මස 27 වැනිදා උපන් මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අති දක්ෂ දකුණත් පිතිකරුවෙක්. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිද තනතුරද දරන්නේ මහේල විසින්.

2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව වන 374 දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්න මහේලට හැකිවුනා. ඒ වගේම ටෙස්ට් ලකුණු 10,000 හා 11,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද වන්නේ මහේල ජයවර්ධනයි. ඒ වගේම 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වෙන්නෙත් මහේල ජයවර්ධනයි.

මහේලට එක බාල සහෝදරයෙක් ඉන්නවා නමුත් ඔහු වයස 16 දී මොළයේ පිළකාවකින් මෙලොව හැරයනවා. එම සිදුවීම මහේලට විශාල මානසික බලපෑමක් ඇතිකළ සිදුවීමක් කියලා මහේල විසින් පවසලා තිබුනා. ඒ වගේම තම සහෝදරයා වෙනුවෙන් පිළිකා ව්‍යාපෘතියක් වන ‘Hope’ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගන්නවා. මේ වනවිට එම වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන් ප්‍රවර්ධකයා බවට පත්වී සිටින්නේත් මහෙලයි.

මහේල විවාහ වෙන්නේ 2005 වසරේදී ඒ සංචාරක උප‍දේශිකාවක් වන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමගයි එම විවාහයෙන් මහේලට එක් දියණියක් සිටිනවා ඇය ‘සන්සා ආර්යා ජයවර්ධන’ කොහොම වුනත් මේ වනවිට මහේල එම විවාහයට සමුදීලා එයට එතුව ක්‍රිස්ටිනාගේ අනියම් පෙම් පලහිලවුවක් කියලයි අපිට ආරංචි වුනේ. ඉතින් විවාහයට සමුදුන්න මහේල පසුගිය දිනක නැවතත් යුගදිවියට එළැඹිලා.

ඒ ගුවන්සේවිකාවක් වගේම ශරීර යෝග්‍යතා උපදේශිකාවක් සහ නිරූපන ශිල්පිනියක් වන නටාශා මාකලන්ද සමගයි. දකුණු පළාතේ සුඛෝපභෝගී හෝටල් නිකේතනයකදී පසුගිය 18 වනදා ඉතාම චාම් විදියට මේ විවාහ උත්සවය පවත්වලා තිබුනා. ඒ වගේම ලෝකේ ජනප්‍රිය ක්‍රිකට් තරු රැසක් මහේලට සුබ පතලා තිබුනා. ඉතින් දෙවන වරටත් යුගදිවියට පිවිසි මහේලට අපිත් හදවතින්ම සුබ පතනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *