‘බැඳලා හිටියා කියලා නෑ තවම ආදර යෝජනා එනවා’ ජනප්‍රිය නිලි නිල්වලා කියන කතාව

නිල්වලා විශ්වමාලි කියන්නේ රංගනයෙන් නර්ථනයෙන් මේ වන විට බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සුන්දර යුවතියක්. දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ කලනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව ඇය මේ වන විට ජනප්‍රිය චරිතයක් කිවොත් හරි. පසුගිය දිනවල විවාහයත් එක්ක ඇය කලාවෙන් ටිකක් ඈත් විමත් එක්කම අපි හිතුවා ඇය ගැන කතා කරන්න.

නිල්වලා හොරෙන්ම විවාහ වුනා කියලයි ආරංචි. ඇත්තටම ඒක හරි හදිස්සියේ සිද්ධ වුනේ. ඒ වගේම ගොඩක් කල් අරගෙන ප්ලෑන් කරපු විවාහයක් නෙවෙයි මේක. ඉතාම පොඩි කාලයත් ඇතුළත සිමිත පිරිසක් ඇතුළත් හිතවතුන් මිතුරන්ට කියලා තමා මේ විවාහය ගත්තේ. මේක බොහොම චාම්ව ගත්ත විවාහයක් කියලා තමා කියන්න තියෙන්නේ.

ඔබට ඔබේ ජිවන සහකරුව හමුවුන විදිහ ගැනත් කියමුද? “එයාගේ නම කැලුම්. පුවත්පත් කලාවේදියෙක් විදිහට තමා එයා වැඩ කරන්නේ. අ⁣පි ආදරේ කරන්න අරගෙන අවුරුදු දෙකක් වගේ වෙනවා. අපි මුණ ගැහෙන්නේ පොත් ප්‍රදර්ශනයකදි. මම එයාගේ පොත් වගේකුත් එතනදි ගත්තා. මම මනෝවිද්‍යාව ගැන පොත් කියවන්ක හරි ආසයි. ඉතින් එයාගේපොත් කියවලා මම එයාට අදහස් කිවා. ඊට පස්සේ අපි යාළුවෝ වගේ කතා කලා. මගේ අධ්‍යාපන කටයුතු වලට එයා හොද මඟ පෙන්වන්නෙක් වුනා. මගේ යාළුකම ආදරයකට පෙරලුනෙ අපි පොත් වලට තියෙන ආදරේ කැමැත්ත නිසාමයි”

ආදර යෝජනා විවාහ යෝජනා නිල්වලාට අලුත් දෙයක් නොවෙන්න ඇති. මොකද ඒ තරම් යෝජනා ඔබට එන්න ඇති. හැබැයි මේ පොත් මහත්තයා ඔයාට විශේෂ වුනේ මොන හේතුවකටද? “ඇත්තටම මට විවාහ යෝජනා ගොඩක් ආවා. හැබැයි කාලයත් එක්ක දැන් ඒක අඩුයි. මට පොත් මහත්තයා විශේෂ වුනේ එයාගේ හදවතට දැනෙන වචන තමා. මොකද මට ගොඩක් තැන්වල හයියක් වුනෙ කැලුම්. එයා කිවේ අපි අපිව විස්වාස කරන්න ඕනි කියලා. මම කලාවට සම්බන්ධ වුනත් මම හොයපු ආදරේ සැනසිම දෙන්න පුළුවන් සැමියෙක් තමා කැලුම් කි⁣යන්නේ. ඒ දේවල් නිසාම මට කැලුම්කියන කෙනාව විශේෂ කෙනෙක් වුනා.”

දිගටම ඔබ කලාවේ රැදෙන කෙනෙක් වෙයිද? ”මම ගුරුවරියක් වෙලා කොටු වෙනවට වඩා කැමතියි මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්න. මම රංගනයට එනවට මගේ ගෙදරින් කැමැත්තක් තිබුනේ නෑ. හැබැයි අද මම ඉන්න තැන ගැන එයාලාට සතුටුයි. ඒත් දිගින් දිගටම කලාවේ ඉන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් කලාව ගැන ඉගෙන ගෙන මේ ආව දුර වගේම තවත් කලාව ගැන ඉගෙන ගෙන ඉස්සරහට යන්න කැමැතියි. හොද නිර්මාණ වලට සහභාගි වෙන්නත් කැමතියි. ඒ වගේම මම මේ වනවිට ITN නාලිකාවේ විකාශනය වන ‘මෙට්‍රෝ හීන’ ටෙලිනාට්‍යයට රංගන දායකත්වය ලබාදෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *