‘බැන්දා කියලා හැමදේම එකට කරන්න ඕන නෑ නේ’ හින්දි නිලියක් වගේ සුන්දර සමනලී කියන කතාව

ලංකාවේ බාල මහලු හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ, සමනලි කියන්නේ තම අදහස නොපැකිලව ඉදිරිපත් කරන කලාකාරිණියක්. ඉතින් ඒ නිසාම ඇයට රසික ආදරය අඩුවක් නැද්ද යන්න අපි ඇයගෙන්ම අහන්න හිතුවා. “මම හිතන්නේ කලාකරුවා කියන්නේ සමාජයක් ඉස්සරම අඩා වැළපෙන්න ඕනි කෙනෙකේ නෙවෙයි. මොකද ඇත්තටම කලාකරුවා කියන කෙනාට ඊට වඩා වැඩ තියෙනවා .කලාකරුවෙක් විදිහට සමාජයට මැදිහත් විමක් සිද්ධ වෙන්න ඕනි.

ඒත දේශපාලනය, යල්පැන ගිය අදහස් වලට ප්‍රතිචාර දෙන්න, අලුතින් කියවන්න මේ වගේ දේවල් වලට. සමාජයේ පිඩාවට පත්වුන අය වෙනුවෙන් වුනත් කතා කරන්න දෙපාරක් නොහිතන්න ඕන. මට සමාජයේ පිළිගැනිමක් තියෙනවා. මට ප්‍රේක්ෂක ආදරයක් තියෙනවා. ඉතින් මම කැමතියි අනිවාර්යයෙන් සමාජයට ඒ හැමදේම එක්ක දෙයක් කරන්න. මොකද ඇත්තටම අපිට සමාජය ආමන්ත්‍රණය කරන්න අවකාශයක් ලැබිලා තියෙනවා”

සමනලිගේ අත ගත්තේ ගායන ලෝකයේ තරුවක්මයි. ඔහු නමින් ඉන්ද්‍රචාපා. ඇත්තටම දෙන්නම ගායනයට දක්ෂ නිසාම දෙන්නා එකතු වෙලා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද? “අපි දෙන්නාම ගායන දක්ෂ වුනාට අපි දෙන්නා ශෛලින් දෙකක. ඒ නිසා මම හිතන්නේ නෑ අපිට එකට නිර්මාණයක් කරන්න පුළුවන් කියලා. ඒ නැතත් අපි දෙන්නා විවාහ වුනා කියලා හැමදේම බෙදාගන්න හැම දේම එකට කරන්න ඕන කියලා මම හිතන්නේ නෑ.

අපි දෙන්නටම වෙන් වුන ගමන් මාර්ගදෙකක් තියෙනවා. ඉතින් අපි එකට ගායනා කරන්න ඕන කියන තැන අපි දෙන්නම නෑ. හැබැයි කාලයත් එක්ක ඒකට අවස්ථාව ලැබුනොත් අපි දෙන්නා නොකර ඉන්නෙත් නෑ. හැබැයි එයා මගේ සංගීත ගමනට ලොකු සහයෝගයක් දෙනවා.⁣ හැම වෙලාවකම බනිනවා සංගිතය හරියට කරන්න. වොයිස් ට්‍රෙිනින් කරන්න. අනිත් දේවල් වලට තියෙන උනන්දුව සංගිතයට හදාගන්න කියලා එයා කියනවා. එයා මට සංගිතය කරන්න කියන්නේ වෘත්තිමය වශයෙන් වටිනාමක් අරගෙන. නැතුව ආසාවට නෙවෙයි.”

රසිකත්වය කියන දේ සමනලි දකින්නේ කොහොමද ? “මට ආදරේ කරන අය වගේම මට වෛර කරන අයත් ඉන්නවා. මට ඉතින් ආදරය කරන අයට මට කියන්න විශේෂ දෙයක් නෑ. හැබැයි මට වෛර කරන අයට හිතන්න දෙයක් මම ඉතුරු කරලා තියෙනවා. පෞද්ගලිකව මම එකතු කරගත්ත දෙයක් නෑ. මොකද මට ලැබෙන ආදරය ගෞරවය මම පෙරලා අනිත් අතට මගේ ආදරණිය රසිකයන්ටම දෙනවා මම. මට වෛර කරන අය දවසක තේරුම් ගනිවි. එයාලා තේරුම් ගත්තා නොතේරුම් ගත්තා කියලා ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ කොතනකවත්. මොකද මම ජනප්‍රිය වෙන්න කියලා කිසිම කෙනෙත් රවට්ටන්න ඕනි කියන තැන නෑ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *