බැන්දත් අම්මට ඕන මාව ගෙදරම තියාගන්න – කාවින්ද්‍යා අධිකාරි

පවුලකින් කලඑළි බැහැපු ගොඩක්ම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ. ඒ වගේම කාවින්ද්‍යා නිවේදනයට වගේම රංගනයටත් ගොඩක් දක්ෂයි. ජීවිතේ ගොඩක් දේවල් අත්විඳිමින් ජීවිතේ ගෙවන කාවින්ද්‍යා එක්ක කතා කරන්නයි අපේ මේ සූදානම්. ඉතින් කාවින්ද්‍යා කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ”මම නම් සුවෙන් ඉන්නවා. මේ දවස්වල විශේෂයෙන් කරන්න කියලා වැඩක් නෑ මොකද රටේ හැම තැනම ප්‍රශ්න නේ. විශේෂයෙන්ම තෙල් ප්‍රශ්නේ. ඒ දේවල් එක්ක හැම වැඩක්ම පස්සට ගිහින් තියෙන්නේ. ඉතින් දැන් අම්මාගේ වැඩ වලට උදවු කරගෙන පුළුවන් විදියට මේ දේවලුත් කරගෙන ඉන්නවා.”

කවීට තාමත් අම්මගේ ආදරේ අඩුවක් නැතුව ඉස්සර වගේම ලැබෙනවා ඇති නේද..? ”ඒක ඇත්ත මොකද අම්මගේ ආදරේ නම් කවදාවත්ම අඩුවෙන්නේ නෑ. මගේ අම්මට මාව නැතුව විනාඩියක්වත් ඉන්න බෑ. මම විවාහ වුනත් අම්මට ඕන මාව ගෙදර තියාගන්න. ඔයා නැතුව මම කොහොමද ඉන්නේ කියලා අම්මා නිතරම අහනවා. මගේ අම්මගේ ආදරේ දවසින් දවස වැඩිවෙනවා මිසක් කවදාවත් අඩුවෙන්නේ නෑ”

දුවලා වැඩියෙන්ම ආදරේ තාත්තට කියනවා නේ, ඉතින් තාත්තා නැති අඩුව කාවින්ද්‍යාට දැනිලා නැද්ද ”නැහැ මට ඒ අඩුව කවදාවත්ම දැනිලා නෑ. සාමාන්‍යයෙන් වෙන පවුල් වල අම්මලා තාත්තලා වෙන්වුනාම අම්මට හෝ තාත්තට වෛර කරන්න එකිනෙකා උගන්වනවා මම දැකලා තියෙනවා. මම දැන් ඉන්නේ මගේ අම්මා ළඟ, හැබැයි මට එයා කවදාවත් එකේම කරන්න උගන්වලා නෑ. ඒ වගේම තමයි මට තාත්තා නෑ කියලා අම්මා කවදාවත් මට කිසිම අඩුවක් කලේ නෑ. මගේ අම්මා ගැන පොතක් තරමට දේවල් ලියන්න පුළුවන්. අම්මා තමයි මගේ ජීවිතයට ළඟම කෙනා”

Related Posts

Leave a Reply

Your email address will not be published.