‘බැන්දට පස්සේ අපි හිතන් හිටපු සුන්දර ලෝකේ නෑ’ පළමු විවාහය සමුදුන් උදාරි කියන කතාව

දෙරණ නාලිකාවේ විකාශය වුන රාවණා ටෙලිනාට්‍ය හරහා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුන චරිතයක් තමා උදාරි කෞශල්‍යා කියන්නේ. ඉතින් අපි හිතුවා ඇය සමග අද කතා කරන්න. උදාරි කොහොමද කලාවට පිවිසෙන්නේ, “මම මුලින්ම කලාවට එන්නේ සෙන්ට්‍රිග්‍රේට් සංගිත කණ්ඩායමේ ගීතයකට මියුසික් විඩියෝවකට සම්බන්ධ වෙමින්. ඒ මියුසික් විඩියෝ සම්මාන කිපයකට පවා ලක් වුනා. ඊට පස්සේ රංගනයට එන්න හේතුව අත්තමා 2 කියන නාට්‍යයෙන්. ඒ නාට්‍ය වසරේ ජනප්‍රිය නාට්‍ය විදිහට සම්මාන පවා ගත්තා. ඒ විදිහට පටන් ගත්ත ගමන තමයි රාවණා ටෙලිනාට්‍යයේ අවස්ථාවක් හිමි කලේ.

ඔබ රංගන ශිල්පිනියක් වෙන්න හිතපු කෙනේකද? “අනිවාර්යෙන් මම හිතාගෙනහිටියේ නෑ කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න. ව්‍යාපාර අධ්‍යන අංශයෙන්තමා මම උපාධිය හදාරන්නේ. ඒ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට මම තේරුනත් තාත්තා නිසා ⁣මම කොළඹ විශ්ව විද්‍යාලයට යන්න තිරණය කලා.සරසවියේ ඉද්දි තමා මම නොහිතපු විදිහට මට මලි ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ආරාධනාවට තාත්තානම් මුලින් අකමැති වුනා. හැබැයි දැන්නම් එහෙම නෑ. දැන් මගේ ලොකුම බලාපොරොත්තුව දවසක මගේ ව්‍යාපාරයක් ආරම්භ කරනන නැත්නම් පෞද්ගලික අංශයක හොද තනතුරක් දරන රැක්යාවක් කරන්න.”

ප්‍රේමය සහ විවාහය ගැන කතා කලොත්, “ආදරය කියන දේ ආරම්භයේදි හරිම සුන්දර දෙයක්. හැබැයි හැමදේම හිතන තරම් සුන්දර නෑ කියලා තේරුම් යන්නේ විවාහ වුනාට පස්සේ. වත්මන් සමාජයේ ආදරය විවාහය කියන්නේ හැගිම් විතරයි. දෙදෙනෙකුගේ අදහස් ගැලපෙනවනම් විතරයි විවාහ වෙන්න ඕනි. නැත්නම් විවාහ වෙලා තේරුමක් නෑ. මම කියන්නේ නෑ හැමදාම මම තනිකඩව ඉන්නවා කියලා. මොකද මේ වගේ දේවල් සිද්ධ වුන පළවෙනි කෙනා මම නෙවෙයි. විවාහයෙන් පස්සේ මම මම ගැන හිතුවේ නෑ. විවාහ වුනාට පස්සේ තමයි ගොඩක් දේවල් තේරුම් ගියේ. දැන් මම මට ආදරේ කරමින් ඉන්නවා.මම දැන් ජිවත් වෙනවා කියලා මට දැනෙනවා.”

ගෙවුන ජිවිතේ ගැන කතා කලොත්, “හිතපු තරම් ජිවිතේ සුන්දර නෑ. මම හිතුවේ ඇත්තටම මේ ලෝකය හරිම සුන්දරයි කියලා. ලෝකය නෙවෙයි අපි හිතන තරම් මනුස්සයෝ වුනත් සුන්දර නෑ. මම ලෝකේට පේන්නහිනා වෙලා ඉන්නවා. ඒත් ඇත්තටම බහුතරයක් කදුළු හංගගෙන හිනා වෙන අය. මමත් එහෙම වෙද්දි මව කදුළු එක්ක මගේජිවිතේ සතුට හොයාගෙන හෙමින් මගේ ගමන යනවා. කල්පනාවෙන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *