‘බැදලා දුක් විදිනවට වඩා තනියම ඉන්න එක සැපයි’ ජනප්‍රිය නිලි නිලූශි කියන කතාව

නිලුෂි පවන්යා කියන්නේ උසස් පෙළ ලියන කාලේ 2015 වසරේ සිරස මිස් ශ්‍රි ලංකා තරඟයට ඉදිරිපත් වෙන තරුණියක්. එයින් පසු නිරූපණය සදහා යොමු වෙන නිලුෂි නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න පටන ගන්නවා. ඒ අතරේ මිස් ශ්‍රි ලංකා තරඟයේ ඇයට තුන්වන ස්ථානය හිමි වෙනවා. ඉන් පසුව ඇය ජාත්‍යන්තර රූ රැජින කිරුළ සදහාද ඉදිරිපත් වි අවසන් 15 දෙනා අතරට තේරි පත් වෙනවා රටවල් 50ක් අතරින්. ඉතින් මේ දිනවල නිලුෂිව අපිට දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය නිළියක් ලෙස.සරසවි අධ්‍යාපනය නිමා කර ඇති නිලුෂි පවුලේ බාලයා.

නිලුෂි කියන්නේ රංගයට හෙමින් ගමනක් ආව කෙනෙක්. ඉතින් ඒ ගැන ඇය කිවේ මේ වගේ අදහසක්, “එක්තරා කාලයක එක්තරා අවස්ථාවක මට තරඟයක විනිශ්චයකට ආරාධනා ලැබෙනවා. එහිදි මට ප්‍රවිනයන් කිහිප දෙනෙක් මුණ ගැහෙන්න අවස්ථාව හිමි වෙනවා. මගේ පළමු චිත්‍රපට නිර්මාණය ‘නිලු මං ආදරෙයි’. ඉතින් ටික ටිත ඉදිරියට යද්දි මට ප්‍රවිනයන් අදුරගන්න ලැ⁣බුනා. ඔවුන් මගේ දක්ෂතාවය දැකලා මට නිර්මාණ වලට ආරාධනා කලා.”

නිලුෂි ප්‍රේමනිය චරිතයක්. බොහෝ විට සිය දායකත්වය වුනත් ලබා දෙන්නේ පෙම්වතියගේ චරිතයට. ඉතින් ඒ නිසාම අපි හිතුවා ඇගේ ජිවි⁣තේ සැබෑ ප්‍රේමය ගැන කතා කරන්න. “මම හිතන්නේ ආදරේදි අපිට සැබෑවටම ආදරේ කරන අය හමු වෙන්න ඕනි. ආදරයේදි විස්වාස කියන දේ තමා අංක එක. අනික ආදරය හා ආශාව කියන්නේ දෙකක්. මම හිතන්නේ කසාද බැදලා දුක් විදිනවට වඩා තනියම ඉන්න එක හොදයි කියලා. මොකද මම දුක් විදින්න කැමති කෙනෙක් නෙවෙයි. මම ප්‍රාර්ථනා කරන්නේ ජිවිතේ කාටත් මුණ ගැහෙන්න ඕනි විස්වාසවන්ත කෙනෙක්.ආදරණිය කෙනෙක් වගේම ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්.”

විවිධ හැකියා⁣වන්ගෙන් පිරුණ කෙනෙක් විදිහට අපිට නිලුෂි හදුන්වන්න පුළුවන්. මොකද ගායනය, නිවේදනය, රංගනය මේ සියළු දේ ඇයට ආදුනික නෑ. ඒ ගැන ඇය කිවේ මේ වගේ අදහසක්, “මගේ උපාධිය නර්ථන අංශයෙන්. මම පොඩි කාලේ ඉදන් නර්ථනය කියන දේට ආසයි. ඒ නිසාම මම ආසයි කවදාහරි නර්ථන ගුරුවරියක් වෙන්න. ඉතින් කාලය තියෙන විදිහට මම හැමදේම ඉගෙන ගෙන ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ”

නිලුෂි නිලුෂි ගැන හිතන්නේ කොහොමද ? “දකින කෙනෙක් හිතයි ඇත්තටම මම ආඩම්බර කෙනෙක් කියලා. මට ජීවිතේ වටින්නේ මනුස්සකම කියන දේ. ඒ ඒ කෙනාගේ තරා තිරම නෙවෙයි. අනික මම කාටවත් ඊර්ෂ්‍යා නොකර තමා මගේ ගමන යන්නේ. මම ආස මගේගමනක් මගේ පාඩුවේ යන්න. තව මම ආසයි ළමයිට උදව් කරන්න. විශේෂයෙන් මානසික වැටුන දරුවන්ට.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *