Tue. May 17th, 2022

පුෂ්පිකාද සිල්වාගේ ශ්‍රීලංකා රු රැජින කිරුල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂක වරයා වන චන්දිමාල් ජයසිංහ විසින් කටයුතු කර තිබුනා. මෙම සිදුවීම පිලිබඳ මේ ශේෂ්ත්‍රයේ විශාල කතාබහක් ඇතිවුනා. ඉතින් මේ සිදුවීම පිලිබඳ චන්දිමාල් විශේෂ සටහනක් එකතු කරලා තිබුනා,

උපුටා ගැනීම ”වසර තුනක් පුරාවට ජාතික අධ්‍යක්ෂකවරයකුගේ වගකීම් සහ යුතුකම් මා උපන් රට වෙනුවෙන් ඉටු කරමින්, මගේ ධනය, ශ්‍රමය, කාලය කැප කළෙමි. වසර තුනක් පුරාවට පියවරෙන් පියවර ලෝකයේ පළමු තැනට මගේ මව්බිම ඔසවා තැබුවෙමි. ඔවුන් ඔවුන්ගේ මමත්වය සහ පෞද්ගලික පටු අරමුණු උදෙසා රට දෙවැනි තැනට තබා ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් සටන් වැද විවිධ ආකාරයෙන් ලංකාව ලෝකය හමුවේ අපහසුතාවයට ලක් කළේය. මා වසර තුනක් පුරාවටම විනිශ්චය මණ්ඩලයට ඇඟිලි නොගසා විනිශ්චය තීරණයට ගරු කරමින් ජයග්‍රාහිකාවන් කිරුළු ගැන්වූ වෙමි. ඒ මුදලට හෝ පුද්ගලික වාසි වලට නොවන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි. ඒ සියලු කාන්තාවන්ට ජාතික අධ්‍යක්ෂකවරයෙකු ට එහා ගිය සහෝදරත්වයෙන් , ආදරයෙන් ඔවුන් හා වැඩ කළ බව ඔවුන් දන්නා කාරණයකි. එය මාගේ දුර්වලකමක් යැයිද මා නොසිතමි. මා හට ඇත්තේ දැඩි කලකිරිමකි. සිංහල භාෂාව කතා කරමින් ලෝක සංවිධානය සමග මා ඉතාමත්ම ආදරයෙන් මගේ රට වෙනුවෙන් මගේ වගකීම් ඉටුකළ බව ඔවුන් හොඳින්ම දනී. එමනිසා ඔවුන් සෑම විටම මා සමඟ සිට ගත්තේය.

මේ මොහොතේ මා ලෝක රූ රැජින සංවිධානයට මගේ ආදරය ගෞරවය පුද කරමි. ලෝක තරගාවලිය 2023 වසරේ ලංකාවේ පැවැත්විම මාගේ එකම අරමුනයි ඒ සදහා මා සමග එක්වන ලෙස සියලුම සන්නාම ආයතන වෙත මා දැත් දිගුකර ආරාධනා කරමි. මේ සෑම දෙයකදීම මට ශක්තියක් වූ රෝසි සේනානායකමැතිණිය ද රැක්මාල් සේනානායක ඇතුලු මා හට ශක්තියක් වු සියලුම අනුග්‍රහය දැක්වු සන්නාම ආයතන හා මාගේ ක්ෂේත්‍රයේ මිතුරන්ද ආදරයෙන් සිහිපත් කරමි. මේ දක්වා මා වෙනුවෙන් එක වචනයකින් හෝ පෙනී සිටි සියලුම දෙනා හටද, සමාජ මාධ්‍ය, ජාතික මාධ්‍ය ඇතුළු සියලු දෙනාට මාගේ ආදරය ගෞරවය පුද කර සිටිමි. මින් ඉදිරියටත් මාගේ රට වෙනුවෙන් කළ යුතු දේ කරමින් මගේ උතුම් රට ලෝකය හමුවේ ඔසවා තැබීමට කැපවෙමි. මා නිවැරදි විය යුත්තේ මගේ හෘදසාක්ෂියට, මා අදහන බුදු දහමට සහ මගේ මවට පමණි. මගේ රටට දළදා හිමි සරණයි !! චන්දිමාල් ජයසිංහ CJ” උපුටාගැනීම අවසන්

මේ අතර ලෝක විවාහ රූ රැජින තරඟ සංවිදානයේ හිටපු විදායක නිලදාරිනියක් වන Libby Crawford ද මේ සිද්දිය සම්බන්දයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා අලුත් සටහනක් තබා කියාසිටියේ පුෂ්පිකා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසක බොරු තොරතුරු ලබාදී ඇතිබවයි. මේ අතර හැමෝම අවදානය යොමුකරගෙන ඉන්න කතා නායිකාව පුෂ්පිකා මුහුණු පොතට සටහනක් එකතු කරමින් කියාසිටියේ මේ වගේ කතාවක් ”ඉදිරියේ දී බොහෝ නොසිතු දේවල් සිදු වේවි. බොහෝ දේවල් වෙනස් වේවි. ඉතින්, අපි කලබල නොවී, බලා සිටිමු” කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *