බඳින්න හොඳ කෙනෙක් මට තාම සෙට්වෙලා නෑ, – ළඟ එන 39වන උපන්දිනයට සූදානම් වෙන යුරේනි

රංගන ශිල්පිනියක විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න වගේම නම ඇහුන ගමන් හැමෝම හඳුනන රංගන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ, මේ දවස්වල යුරේනි ගැන හැමෝම කතා වෙනවා ඒකට ප්‍රධාන හේතුව තමයි යුරේනි හඬ දායකත්වය ලබාදෙන ගජමෑන් ත්‍රිමාන සජීවීකරණ සිනමාපටය නිසා, ඉතින් අපි අද අපේ කතාබහට තෝරාගෙන ඉන්නේ හැමෝම ආදරේ කරන යුරේනි නොශිකාවයි, යුරේනි ගජමෑන් තිරගතවෙන්න ගොඩක් කල් ගියා නේද ..? ”ටිකක් කල් ගියා, මීට වසර කීපයකට කලින් තමයි ගජමෑන් තිරගත වෙන්න තිබ්බේ, හැබැයි සිදුවෙලා තිබ්බ තාක්ෂණික ප්‍රශ්න කිහිපයක් නිසා තිරගතවීම කල්දාන්න වුනා, සමහර අය කිවුවා ෆිල්ම් එක තිරගතවෙන්න කල්ගිය නිසා බලන්න එන අය අඩුවෙයි කියලා, හැබැයි පහුගිය දවසක තිබ්බ ගජමෑන් විශේෂ දර්ශනයේදී ෆිල්ම් හෝල් ෆුල් වුනා, 2023 වසරේදී ජනවාරි මාසයේදී ප්‍රධර්ශනය කරන්න සැලසුම් කරලා තියෙනවා”

යුරේනි කියන චරිතය ආදරේ කරන ෆෑන් බේස් එකක් ලැබුනේ කූඹියෝ ටෙලිනාට්‍යයේ චරිතය නිසා නේද..? ඉතින් කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවෙනි කොටස එන්නේ කවද්ද..? ”ඔව් හැමෝම මට ආදරේ කරන්න මම ගැන කතාවෙන්න පටන් ගත්තේ කූඹියෝ ටෙලිනාට්‍යය නිසා, මට ලොකු ෆෑන් බේස් එකක් හැදුනා ඒ නාට්‍යයෙන්, ඒ නාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න මට කිව්වා දෙවෙනි කොටස නිර්මාණය කරනවා කියලා, හැබැයි මේ දවස්වල එයා වෙන ෆිල්ම් එකක් නිසා ගොඩක් බිසී වෙලා ඉන්නේ, ඒ වැඩ ඉවර වුනාම ආයෙමත් කූඹියෝ දෙවැන්න රූගතකිරීම් ආරම්භ කරයි කියලා මම හිතනවා”

යුරේනි දැන් ඔයාගේ වයස අවුරුදු 38ක් ඉතින් දැම්ම විවාහ වෙන්න අදහසක් නැද්ද..? ”මෙහෙමයි අහවල් කෙනා එක්ක අහවල් දවසේ අහවල් තැනදී විවාහ වෙනවා කියලා මම තවම තීරණය කරලා නෑ, මොකද මට විවාහ වෙන්න තාම හරියන සහකාරයෙක් නෑ, හැබැයි එකෙන් කියන්නේ මම බඳින්නේ නෑ කියන එක නෙවෙයි කවදා හරි හොඳ කෙනෙක් සෙට් උනොත් මම එයාව මැරී කරනවා, හැබැයි ඉතින් මට තාම එහෙම කෙනෙක් මුණගැහිලා නෑ,”

ඉදිරියේදි එන්න තියෙන වැඩ මොනදවද..? ” ගජමෑන් චිත්‍රපටය 2023 වසරේ ජනවාරි මාසයේදිවගේ තිරගත වේවි, ඊට පස්සේ යාළුවොද? යාළුයිද? කියලා ෆිල්ම් එකක් කළා, ඒකත් තිරගතවේවි, මම හිතන්නේ ලබන අවුරුද්දේ මුලම තමයි ඒක තිරගතවෙන්න තියෙන්නේ, ටෙලිනාට්‍යකට ආරාධනා ලැබුනා ඒ තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයක ඉතින් ඒ දේවල් හරහා මාව දකින්න ලැබේවි”

Related Posts