Tue. May 17th, 2022

අයේෂා මධුෂානි කියන්නේ කවුරුත් දන්න අදුනන රංගන ශිල්පිනියක්. ඉතින් අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. අප පොඩි කාලේ නම් හීන දැක්කෙ නර්තන ශිල්පිනියක් වෙන්න කියලා තමයි ආරංචි වුණේ, ඇත්තටම පුංචි කාලේ ඉඳන් හීන දැක්කේහොඳ දක්ෂ යුද හමුදා සෙබළියක් වෙන්න. මම ගොඩක්ම ආස කළේ වෙඩි තියන්න. පුංචි කාලේ ඉඳන් මම ඒකට කැමතියි. මම ටික කාලයක් ගුවන් හමුදාවට සේවය කළා. මම පවුලේ එකම දුව නිසා අම්මා ඒ දේවල් වලට අඬන්න පටන් ගත්තා. අම්මාඅඩන නිසාම මම ගුවන් හමුදා සේවා පුහුණුවෙන් ඉවත් වුණා. මගේ හීන එතනින්ම ඉවර වුණා.

ජීවිතයේ ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවාද, හෙට දවස ගැන අපි කාටවත් කියන්න බැහැ. හැබැයි මම සම්බන්ධ වෙන චරිත වලට උපරිම සාධාරණය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ චරිත සුළු චරිත වුණත් මම උපරිම කැපවීමෙන් කරනවා. මට ආසයි හැමෝගෙම මතක වල රැදෙන චරිතයක් වෙන්න. මම කවදහරි දවසක ආර්ථිකය අතින් ශක්තිමත් උන දවසට මම ආසයි ගම්බද ප්‍රදේශ වල දූ දරුවන්ට නර්තනය ගැන කියලා දෙන්න. ඒ සියල්ල නොමිලේ කරන්න. හැබැයි තවම මම ආර්ථික අතින් ශක්තිමත් නැහැ. ඉදිරියේදී ඒ දේවල් බලමු.

කුරුණෑගල කියන ගමක හැදුන ඔබ කොළඹට බය වුණේ නැද්ද, පාසල් යන කාලේ මම දඟ චරිතයක්. වැඩිදුර අධ්‍යාපනයට තමයි මම කොළඹට එන්නේ. මම නර්තනය කියන දේ පුංචි කාලේ ඉඳන් ටික ටික ඉගෙන ගත්තා. මම නර්තනය ඉගෙන ගන්න තැනකදී මට කෙනෙක් කිව්වා මගේ උසස් හොඳයි මාත් හොඳයි ඒ නිසා නිරූපණයට යොමු වෙන්න කියලා. හැබැයි මම බය වුණා. මොකද කොළඹ කියන්නේ මට වෙනම රටක් වගේ දැනුනෙ. කාලයත් එක්ක මට ලැබුන එක ආරාධනාවකට මම තව ගෑනු ළමයි හතර දෙනෙක් එක්ක ඒකට සහභාගි වුණා. ඒ අනුව මට නර්තන ශිල්පිනියක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදියට තමයි කොළඹ නගරයට මම හුරු වෙන්නේ.

අයේෂා කියන්නේ මෑතකදී විවාහ වුන තරුණියක්.කොහොමද අලුත් ජීවිතේ ,ගිය අවුරුද්දේ ඔක්තෝබර් තමයි මම විවාහ වෙන්නේ. එයාගේ නම සඳරු සමීර. මම හිතුවේ කවදාවත් විවාහ වෙන්නේ නැතුව තනියම ජීවත් වෙන්න. හැබැයි සඳරු මගේ තීරණය වෙනස් කළා. අද මට හොඳ මාව තේරුම් ගත්ත මට ආදරේ කරන කෙනෙක් ලැබිලා ඉන්නවා. එයත් මේ ක්ෂේත්‍රයට ටිකක් සම්බන්ධ කෙනෙක්. ඒ නිසාම අපි දෙන්නට අපි දෙන්නා තේරුම් අරගෙන ජීවත් වෙනවා. විවාහ වුණා කියලා මට එයාගෙන් කිසිම බලපෑමක් නෑ මේ ක්ෂේත්‍රය ඉස්සරහට යන්න එයාමට උදව් කරනවා.

තනිකඩ ජීවිතේට තිත තියපු සඳරුව අයේශාට මුනගැහුනේ කොහොමද, අපි දෙන්නම කුරුණෑගල නගරයේ. මට පාසල් යන කාලේ ප්‍රේමයක් තිබිලා ඒ ප්‍රේමය නැති වුණා. ඒ දේත් එක්ක මට හිතුනේ ආදරේ කියන්නේ තනිකරම බොරුවක් වංචාවක් කියලා. අනික මේ ක්ෂේත්‍රයේ ඉද්දි ගොඩක් අය අපි දිහා බලන්නේ වැරදි විදිහට. ආදරය කියන දේට විවිධ යෝජනා අරගෙන එනවා. ඒ නිසාම වෙන්නැති මම කවුරුවත් විස්වාස කලේ නැහැ. හැබැයි ඒ හැම දේම වැරදියි කියලා සඳරු මට ඔප්පු කළා. මට පස්සේ තමයි එයා මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. යාලුවෙක් විදියට එයා මට ගොඩක් සමීප වුණා. යාලුකම ආදරයක් බවට පෙරළුණා. එහෙම තමා අපේ ආදර කතාව පටන් ගත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *