‘බඳිනවනම් දේවී බාලිකාවේ කෙල්ලෙක් බඳින්න’ හැමෝම ආදරේ කරන ලහිරුනී කියන කතාව

ළහිරුණි රශ්මිදාරා කියන්නේ පොදු නාට්‍ය හරහා බොහෝ රසික හදවත් දිනාගත් තාරුණ්‍යයේ පුංචි දඟකාරියක්. ඉතින් කාලයක් රූපවාහිනි දැන්විම් තුළ දුටු ඇයව රංගන ලෝකයේදි අද දකින්න ලැබෙනවා. ඒ නිසාම අපි හිතුවා අද ඇය ගැන කතා කරන්න අපේ වෙලාව වෙන් කරන්න. හෝමාගම ප්‍රදේශය ඇගේ ගම්පළාත වෙද්දි මේ වන විට NSBN හරිත සරසවියේ උපාධිය නිම කර රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න ඇය ටයි පොදු ටෙලි නාට්‍යයේ රංගනයට ආරාධනා ලැබෙන්නේ. ජිවිතේ මොන අරමුණක් තියාගෙනද ඔබ ඉගෙනිම් කටයුතු කලේ,මම උසස් පෙළ කලේ වාණිජ අංශයෙන්. හිතේ තිබුනේ කවදාහරි ගුවන් සේවිකාවක් වෙනවා කියන අදහස. සරසවි වරම් හිමි වුනත් මම ගුවන් සේවිකාවක් විදිහට අවුරුදු දෙකක කාලයක් සේවය කලා. හැබැයි මම ඉගෙන ගන්න එක නතර කලේ නෑ. උපාධියක් ගන්න ඕන ආසාව නිසාම මම ගුවන් සේවිකා රැකියාවෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ උපාධිය වෙනුවෙන් මහන්සි වෙන්න කාලය වෙන් කලා.ඒ අතරෙ තමා මට රංගනයට අවස්ථාවක් ලැබුනේ.”

ඔබේ මුල්ම රංගනය ‘පොදු’. ඉතින් ඒ අවස්ථාව ඔබට දැනුනේ කොහොමද? මම විශ්ව විද්‍යාලයේ අවුරුදු කුමරියට ඉදිරිපත් වෙලා දෙවනි ස්ථානය හිමි කරගත්තා. ඒ එක්කම මට වෙළද දැන්විම් වලට ආරාධනා ලැබුනා.හැබැයි රඟපාන්න ඕනි කියන අදහසනම් මට තිබුනේ නෑ. මගේ යාළුවෙක් මාර්ගයෙන් මම පොදු එකේ තිර පරික්ෂණයට සම්බන්ධ ⁣වුනා. මගේ වාසනාවට මම ඒකට තේරුනා. හැබැයි රංගනය ගැන මට අත්දැකිම් නෑ. ඒ නිසාම බය හිතුනා. ඒත් පොදු කියන ටිම් එක මට ලොකු සහයෝගයක් දුන්නා මගේ චරිතය සාර්ථක කරගන්න. මගේ අනවශ්‍ය පිඩනය පවා මගේ ඔළුවෙන් අයින් කලා.”

විවාහයක් වෙනවනම් දේවිබාලිකාවේ කෙල්ලෙක් හොයාගන්න කියලා පහුගිය දිනවල කතාබහට ලක් වුනා. ඒ ගැන හිතන්නේ මොන වගේ අදහසක්ද? මම හිතන්නේ එහෙම කියන්න ඇත්තේ පොළවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලෝ ඉන්න නිසා වෙන්න ඇති. ඇත්තටම අපේ ජිවිතේ අපිට දැනෙන්නේ අලි පොළවේ පය ගහලා ජිවත් වෙන තරමට. ඒ විදිහට ජිවත් වෙන්න පුරුදු වෙද්දි ජිවිතය කියන දේ අපිට විදින්න ආස හිතෙනවා. අනික ඒ විදිහට ජිවත් වෙන්න පවා පහසුයි අපිට.”

ආදරය ගැන හිතන්නේ මොන වගේ අදහසක්ද? “ආදරය කියන්නේ අපි හැමෝටම ජිවිතේ අත්‍යවශ්‍ය දෙයක්. ඒක හරි සුන්දර හැගිමක්. ආදරය කියන්නේ ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක් අතර ඇති වෙන බැදිමම නෙවෙයි.අනිත් හැමදේම ගැනත් අපිට ආදරය කියන දේ දැනෙන්න ඕනි. ආදරය පොදුවේ අපි හැමෝටම ලැබෙන්න ඕනි දෙයක්”

පොදු වලින් පස්සේ රංගනයට ලැබුන ආරාධනා එහෙම කොහොමද ? ”ආරාධනා දෙක තුනක් ලැබුනා. හැබැයි මම එකකට විතරයි කැමති වුනේ. මම ඉගෙන ගන්න අංශයෙන් ඉදිරියට යන්නත් ආසාවක් තියෙනවා. හැබැයි හොද නිර්මාණයක ලැබුනොත් මම අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *