‘පොලේ ගිහින් එද්දී මිනිහෙක් මගේ පස්සේ ගෙදරටම ආවා’ ජනප්‍රිය නිවේදිකා සංජුලා කියන කතාව

2016 ස්වර්වාහිනි අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළදි ඇය අද වන විට දක්ෂ නිවේදිකාවක්. නමින් ඇය සංජුලා රවිශ්මි විදානගේ. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ලස්සන කියන මාතෘකාව ගැන ඇය සමඟ කතා කිරිමටයි. ඔබ ඇත්තටම ලස්සන නිසාද ඔබ ඔය වගේ තැනක රැදෙන්න හේතුව “2016 ස්වර්වාහිනි අවුරුදු කුමරිය විදිහට කිරුළු ලැබුවට පස්සේ තමා මට මේ හැම ගමනකටම දොරටු විවර වෙන්නේ.

අද මම තැනක් හදාගත්තනම් ඒ හැමදේම ජනප්‍රියත්වය කියන දේ නිසා. හැබැයි අපි යන කේෂ්ත්‍රයේ දැනුමක් අපිට තියෙන්නම ඕන. මම පුංචි කාලේ ඉදන් නිවේදනය කරලා තියෙනවා. ඉතින් මගේ කැමැත්ත ආසාව මේ හැමදේම එකට එකතු වෙලා අද මට මේ තැන ලැබිලා තියෙනවා”

කාන්තාවකට ලස්සන කි⁣යන දේ වැදගත් දෙයක්ද? “ඔව් අනිවාර්යයෙන්. හැබැයි මම විස්වාස කරනවා කෙනෙකුගේ බාහිර ලස්සනට වඩා හදවතින් ඒ කෙනා ලස්සන වෙන්න ඕනි කියලා. හැබැයි ඒක කාන්තාවකට විතරක් පොදුවුන දෙයක් නෙවෙයි. මෙ ලෝකේ ජිවත් වෙන ඕනිම කෙනෙක් ලග තියෙන්න ඕනි ලස්සන ඒක. අපි හැමෝම ඇත්තටම ලස්සනයි කියලා මම විස්වාස කරනවා”

සංජුලා ලස්සනයි කියලා පොඩිකාලේ ඉදලම විස්වාස කරනවද? “මම පොඩි කාලේ වැඩිපුරම හිටියේ පුංචිලා ලගයි ආච්චි අම්මා ලගයි. ඒ කාලේ ඉදන් ම දකින ඕනිම කෙනෙක් මට ආදරේ කරනවා. පවුලේ අය වගේම අනිත් අයත්. ඉතින් පොඩි කාලේ ඉදන් ඒ වගේ විශේෂයක් මට දැනිලා තියෙනවා. දවසක් මම ආච්චි අම්මා එක්ක බඩුගන්න පොළට ගියහම මනුස්සයෙක් අපේ පස්සෙන්ම අපේ ගෙදරට ආවා මාව කැලැන්ඩරයකට ෆොටෝ එකක් ගන්න. ඒ වගේ මතකත් තියෙනවා මට ඉතින්”

ලස්සන කියන දේ වෙනුවෙන් සරලව කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? “මුලිකම දේ තමන් තමන්ට ආදරේ කිරීම. තමන් කුමන තරා තිරමක හිටියත් තමන්ට තමන් වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න ඕන. ඒ තුළින් අපිට සතුට කියන දේ ලබාගන්න පුළුවන්. ඇත්තම කතාව මම ගොඩක් ලස්සනට ඉන්න කැමති කෙනෙක්ඒ වෙනුවෙන් මම ඕනිම දෙයක් කරන්න උත්සහ කරනවා. විශේෂයෙන් විතරම වතුර බොනවා. මට වෘත්තිය එක්ක ඒක කරන්න බැරි වෙන නිසාම මම වතුරු බෝතලයක් ලග තියාගෙන ඉන්නවා. තව දේශිය දේවල් පාවිච්චි කරනවා හොද විදිහට”

සුදු කියන්නේ ලස්සනට කියන නමක්ද? “ඇත්තටම නැහැ. ලෝකේ ගොඩක් අය මේ ලැබුන තලෙලු සමට ආසයි. ඉතින් ඇත්තටම ඇයි අපි සුදු වෙන්න උත්සහ කරන්නේ ඒක තේරුමක් නැති වැඩක් විදිහටයි මම දකින්නේ අනිත් එක තමයි වෙළඳපලේ සුදුවෙන්න තියෙන ආලේපන හොඳ ඒවා නෙවෙයි. අපේ තරුණියන් මේ ආලේපන නිසා විවිද ප්‍රශ්න වලට මුහුණ දෙනවා මම නම් කියන්නේ සුදු නෙවෙයි පැහැපත් වෙන්නයි ඕන”

Leave a comment

Your email address will not be published. Required fields are marked *