‘පොඩි කෙල්ලන්ගේත් සිහින කුමාරයා මම’ ජනප්‍රිය නළු චන්න කියන කතාව

සිනමාව රූපවාහිනිය තුළ ඔහු තමන්ගේ නම ලියාගෙන අවසන්. ඔහු චරිතාංග නළුවෙක්. ඔහු නමින් චන්න පෙරේරා. මෑත කාලයේ බොහෝ දෙනා ඔහු ගැන කතා කරන්නේ ඔහුගේ සිනමා කෘතියක් නිසා. සිනමාවේ නම ‘සඳ දිය සලු’ කොච්චර වයසට ගියත් චන්න තවමත් තරුණ පෙනුම රැක ගන්නවා නේද. ”මම හිතන්නේ මම තරුණ වෙන්නේ සිතුවිලි නිසා. මිනිස්සු ගොඩක් වයසට යන්නේ ඉලක්කමෙන්. මේ ජීවිතය වයසට යන්නේ නැතුව ජීවිතය සතුටින් ගෙවන්න ධනාත්මක සිතුවිලි බලපානවා. ගෙවුණු අතීතය දිහා වත් දිහාවත් ආපු නැති අනාගතයේ දිහාවත් දුක් වෙනවට වඩා අද දවසේ ජීවත් වෙන එක වැදගත් කියලා මම හිතනවා. මේ මොහොත ගත කරන්න සතුට කියන දේ හොයනව නම් අපේ ජීවිත තුළ අපි හැමදාම තරුණ විදිහට ජීවත් වෙනවා.”

මේ වෙද්දි ඔබ ජනප්‍රිය පුද්ගලයෙක් ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ, ”අපි හැමෝම මැරෙන මිනිස්සු. එහෙම බලද්දි සල්ලි ලස්සන ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. ඒ දේවල් අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. කොහොම උනත් මම කැමැතිතියි පොළොවේ පයගහල ජීවත් වෙන්න. මම කවදාවත් කිසිම වෙලාවක ආඩම්බර වුන කෙනෙක් නෙවෙයි. හැමදේම සතුටින් බාර ගත්ත කෙනෙක්.’

ආදරේ කියන්නේ කොයි වගේ දෙයක්ද, ”කොන්දේසි විරහිතව ලබා දිය යුතු දෙයක්. මම හිතන්නේ මේ ලෝකේ උතුම්ම සෙනෙහස මව්පිය සෙනෙහස කියලා. මොකද ඒ ආදරේට සීමා නැහැ. පියෙක් විදිහට මං මගේ දරුවන්ට අසීමිතව ආදරෙයි. ඒ නිසාම මම හිතනවා ඒ තමයි ලෝකෙ උතුම් ආදරේ කියලා.”

තවමත් තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි නේද, ”ඔව් ඒ කාලේ වගේම තවත් සමහර තරුණියන්ගේ ආදරණීය සිහින කුමාරයා මම. අද වගේ තාක්ෂණය නොදියුණු කාලේ පවා මට තරුණියන්ගෙන් ආදර හසුන් පත් ලැබුණා. ගොඩක් අයට හැබැ කරගන්න බැරිවුන හීන කුමාරයා මම. ඒ වගේම ලාබාල කෙල්ලන්ගේත් සිහින කුමාරයා මම, ඉතින් ඒ ගැන සතුටුයි”

චන්න විලාසිතා කරන්න කැමැති කෙනෙක් ද, ”ඔව් මම විලාසිතා කරන්න කැමැති කෙනෙක්. මම හිතනවා රංගන ශිල්පියෙක් විදියට මගේ තත්ත්වය රැකගෙන විලාසිතා කරන්න ඕනේ කියලා, කොහොම වුණත් මම කැමැති සරල චාම් බවට. මම මොන ඇඳුම ඇන්දත් කඩවසම් පෙනුමක් තියෙනවා කියලා මම හිතනවා.”

ඔබ වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද, ”මම මේ ලෝකෙ වැඩිපුරම ආදරය මගේ දුවලා දෙන්නට, මම මැරෙන තුරාවට මම ඒ දෙන්නට මේ විදිහටම හැමදාම ආදරෙයි. කවදාවත් තාත්තාගේ ආදරේ අපිට ලියලා කියලා ඉවර කරන්න බැහැ. මම හිතන්නේ ලෝකෙ තියෙන උතුම්ම සෙනෙහසක් තමයි තාත්තාගෙ ආදරේ කියලා. තාත්තා කෙනෙකුගේ ආදරේ දන්නේ තාත්තා කෙනෙක්ම විතරයි,”

Leave a comment

Your email address will not be published. Required fields are marked *