පොඩි කාලේ මම ඩයනා වගේ කොන්ඩේ කපලා ඒ වගේ රඟපානවලු – සුජානි මේනකා

වෙළඳ දැන්වීම් හරහා රංගනයට පිවිස මේ වනවිට කළා ලෝකයට නැතුවම බැරි ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුජානි මේනකා කියන්නේ, රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගත්ත ඇය අද ව්‍යාපාරිකාවක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සුජානි මේනකා සමග, සුජානි අපි දකිනවා ඔයා ගොඩක් ලස්සන විලාසිතා කරනවා, ඉතින් විලාසිතාවන් ගැන ඔයා දකින්නේ කොහොමද..? මම හිතන විදියට විලාසිතා කියන දේ හැමතිසේම අලුත් වෙන දෙයක්, ඒ වෙනස්කම් එක්ක අපිත් අලුත් වෙන්න ඕන, ඉතින් මම හිතන්නේ විලාසිතා කියන්නේ ලෝකේ ලස්සන කරන අමුතු විෂයක් කියලා”

සුජානි ඔබ විලාසිතාවක් කරද්දී තෝරාගන්නේ මොනවගේ දේවල්ද ”මුලින්ම මම බලන්නේ පාට, සාමාන්‍යයෙන් මම එක එක මාස වලදී එක එක පාට අඳින්නේ, ඒ වගේම තමයි මම තෝරාගන්න විලාසිතා මට පහසු එකක් වෙන්න ඕන, ඒ දෙක තමයි මුලිකම දේ, අනිත් දේවල් ගැන මම වැඩිය හිතන්නේ නෑ, මම කරන විලාසිතා නිසා අනිත් අය මොනවා හිතාවිද කියන එක මට අදාළ නෑ, මට ගලපෙනවානම් මම කරනවා”

ඔබෙගේ විලාසිතා අනිත් අය අනුමත කරනවද..? අනේ ඔව් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ, මම ආදරේ කරන මට ආදරේ කරන ගොඩක් අය කියනවා ඔයා කරන විලාසිතා හරිම ලස්සනයි කියලා, ළඟදී මම මගේ කොණ්ඩය වෙනස් කළා, එකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා, මම කොහොමත් මට ගැලපෙන විලාසිතා විතරක් කරන කෙනෙක් ඉතින් කවුරුවත් මගේ විලාසිතා ගැන මොකවත් කියන්නේ නෑ”

සුජානි වැඩියෙන්ම කැමති ලෝකේ මොන වගේ රටවල් වල විලාසිතා වලද..? මම වැඩියෙන්ම කැමති ඉතාලි විලාසිතා වලට මොකද මට හිතාගන්න තරම් බැරි විලාසිතා ගොඩක් තියෙන රටක් තමයි ඉතාලිය කියන්නේ, ඒ වගේම මම සිංගප්පුරුවේ විලාසිතා වලටත් ගොඩක්ම ආසයි, මොකද නවීන විලාසිතා ඉස්සෙල්ලාම එන්නේ සිංගප්පූරුවට, හැබැයි මම වැඩියෙන්ම ආසා ඩයනා කුමරියගේ විලාසිතා වලට, ඒ සරලබව ඒ චාම් බවට මම ගොඩක් ආදරෙයි මම පොඩිකාලේ ඩයනා වගේ කොන්ඩේ කපන්න ඕන කියලා ඒ විදියට කොන්ඩේ කපාගෙන ඩයනා වගේ රන්ගපානවලු ඇත්තටම මම හරිම ආසයි ඇය වගේ විලාසිතා කරන්නත්”

Related Posts

Leave a Reply

Your email address will not be published.