Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න සුන්දරම රුවකට හිමිකම් කියන ආදරෙනීය රංගන ශිල්පිනියක් තමයි උදාරි කෙෘෂල්‍යා කියන්නේ. විවිද කළා නිර්මාණ හරහා වගේම නර්තන ශිල්පිනියක ලෙස ඔබේ හදවතට සමීප වුන උදාරි සමගයි අද අපේ කතාබහ. උදාරි කොහොමද මේ දවස්වල, මොකද කරන්නේ ”දැන්නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා, බාරගත්ත වැඩ කිහිපයකුත් කරන්න තියෙනවා ඒ වගේම පොටෝ ෂූට් කිහිපයකටත් ආරාධනා ලැබුනා ඒවා තමා වෙන විශේෂ දෙයක් නෑ නිදහසේ ඉන්නවා”

උදාරි කාලෙකින් දැක්කේ නෑ ඇයි ඒ ”මම රංගනට ඇවිත් වසර හතරක් විතර එක දිගටම වැඩ කළා, ඊටපස්සේ මම මගේ අධ්‍යාපන වැඩ නිසා පොඩි කාලයක් කලාවෙන් ඈත් වෙලා හිටියා. කාලයක් ඇමරිකාවටත් යන්න වුනා, ඊට පස්සේ මගේ පුධාලික වැඩ ටිකක් නිසා මම කලාවට සමුදීලා හිටියා, හැබැයි ඒ හැමදාටම නෙවෙයි මගේ ප්‍රශ්න ටික විසදෙනකන් විතරයි”

ඔබ ඔබගේ පළමු විවාහයට සමුදුන්නා නේද? ”ඔව් නොගැලපෙන තැන්වලට ඉන්නවට වඩා හොඳයි වෙන්වෙන එක, අද එයා එයාගේ ගමන යනවා මම මගේ ගමන යනවා. මම හිතන්නෙ හැමදේම සිද්ද වුණේ මගේ හොඳට කියලා. මොකද අද මට පන වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා, එයා ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කෙනෙක් අපි දෙන්න හොඳ අවබෝදයකින් ඉන්නේ, හැබැයි පෙම්වතෙක් ඉන්නවා කියලා නෑ මට ආදරයෝජනානම් ඕන තරම් එනවා. එත් අපි දෙන්නා විවාහ වෙන්න ඉන්නේ ඉතින් ඒ අයගේ හිත රෙදෙන්නේ නැති විදියට මම බෑ කියනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *