පෙම්වතියක් නැති අඩුව මට දැන් තදින්ම දැනෙනවා – ජනප්‍රිය නළු සචින්

සිරස නාලිකාවේ විකාශනයවන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත් වුන කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ, ඒ වගේම ලංකාවේ තරුණියන්ගේ සිහින කුමාරයා විදියටත් සචින්ව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන සචින් ලියනගේ සමග, සචින් මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල මම තවත් නිර්මාණ කීපයකටම සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ජපන් නාට්‍යකට හඬ දායකත්වය ලබාදෙනවා, ඒ වගේම තවත් ආදර කතාවකට සම්බන්ද වුනා, ඕවා තමයි අලුත් වැඩ ඊට අමතරව ඉතින් කියාදෙන්න ආදරේ තරම් නාට්‍ය එක්ක දිගටම සම්බන්ද වෙලා ඉන්නවා.”

අපිට දැනගන්න ලැබුනා සචින් රංගනට වගේම ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂයි කියලා ඇත්තද ඒ කතාව, ”ඔව් මම රංගනයට වගේම ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂයි,මේ ළඟදී දවසක තිබ්බ ඩිවිෂන් මැච් එකට මම සෙල්ලම් කළා, ඒ වගේම T10 ටුනමන්ට් එකක් පටන් ගන්නවා, හැබැයි කලින් යොදාගෙන තිබ්බ වැඩ ටිකක් නිසා මම එකට ප්ලේ කරන්නේ නෑ, ඒත් මම පුළුවන් හැම වෙලාවකම ක්‍රිකට්, ෆුට් බෝල්, රගර් ප්ලේ කරනවා, බිසී වෙලා මහන්සි වෙලා ඉද්දී හිතට නිදහසක් ඕන වුනාම මම කරන්නේ යාළුවො එක්ක සෙල්ලම් කරන එක”

සචින්ගේ අනාගත බලාපොරොත්තු මොනවද..? කලාවට ගුණාත්මක නිර්මාණ ඉදිරිපත් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව මම දැනටමත් පිටපත් රචනය කරනවා, ඉදිරියේදී රූපවාහිනී නාලිකාවකට මගේම නිර්මාණයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ, ඒ එක්කම මගේ අනිත් අනාගත බලාපොරොත්තුව සිනමාව. ඒ වෙනුවෙන් මේ වෙද්දී ගොඩක් දේවල් ඉගනගන්නවා, මම දැකලා තියෙනවා මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් නළුවන් බිහිවෙලා තියෙනවා, මට ඕන මේ යුගයේ වෙනස්ම නළුවා වෙන්න,”

ආදරේ ගැන මොකද හිතෙන්නේ දැන් ආදරවන්තයෙක්ද..? ”මට සැබෑ ජීවිතයේදී ඇත්ත පෙම්වතියක් නෑ, අපේ ගෙදරින් නම් ටිකක් කරදර කරනවා ඉක්මනට විවාහ වෙන්න කියලා, ඉතින් මම ගෙදර අයට කියලා තියෙන්නේ මට තව ටික කාලයක් දෙන්න කියලා, ඒකට ප්‍රධානම හේතුව තමයි මට තාම විවාහ වෙන්න හිතිලා නෑ, ඒත් පෙම්වතියක් නැති අඩුව මට තදින්ම දැනෙනවා, අපි බලන් ඉමු ඉස්සරහට”

Related Posts

Leave a Reply

Your email address will not be published.