Sat. May 21st, 2022

සචිනි වික්‍රමසිංහ කියන්නේ නවක පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය පහුගිය දිනවල පුංචි තිරය තුළ වඩාත් ජනප්‍රිය චරිතයක් වුණා. ඒ ස්වර්වාහිනි නාළිකාවේ විකාශය වුණ හදවතේ හදවතේ කතාව ටෙලි නාට්‍යයත් සමග. මේ චරිතය ටිකක් නපුරු චරිතයක් නිසාම ඇයට හොඳ වගේම නරකත් අහන්න සිද්ධ වුනා. ඔබ රංගනයට අමතරව නිවේදිකාවක් නිරූපණ ශිල්පිනියක් වෙනවා නේද, ”ඔව් නිවේදන කටයුතු කළා. ඉදිරියේ දී නැවතත් නිවේදන කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නිරූපණ ශිල්පිනියක් විදියට නම් ගොඩක් දේවල් වලට සම්බන්ධ වන කෙනෙක් නෙවෙයි මම. photo shoot වලට වෙළෙඳ දැන්වීම් වලට මට ආරාධනා කිහිපයක්ම ලැබුණා.

මම වෘත්තියක් විදිහට නිරූපණය කරන්නේ නැහැ. හැබැයි හොඳ දේකට කතා කළොත් මම බෑ කියන්නෙත් නැහැ. මේ කාලයේ ඇඳුම් විලාසිතා නිරූපණයට හොඳ තැනක් තියෙනවා. මම ගොඩක් කැමතියි ඇඳුම් මෝස්තර නිර්මාණයට. සමහර ඇඳුම් මමම නිර්මාණය කරගන්නවා. ඒ ඇඳුම් මෝස්තර වලට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ නිසාම මම මේ දිනවල මගේම ඔන්ලයින් ව්‍යාපාරයකුත් කරගෙන යනවා.”

ඒ කියන්නේ මේ හැමදේටම අමතරව ව්‍යාපාරයකුත් කරගෙන යනවද, ”මම ඒ කාලේ ඉඳන්ම ආස දෙයක් තමයි ඇදුම් නිර්මාණය කියන්නේ. පුංචි කාලේ මම ලග ගොඩක් බෝනික්කෝ හිටියා. ඉතින් මමම ඒ බෝනික්කන්ට ඉදි කට්ටයි නූලයි අරගෙන ඇඳුම් මහනවා. මගේ අතින්ම තමයි ඒ ඇදුම් කපන්නේ. ඒ කාලේ ඉදන්ම මගේ අම්මා මම කරපු දේවල් අගය කරපු කෙනෙක්. ඉතින් ඉදිරියේදී මගේම ඇඳුම් මෝස්තර නිර්මාණය කරලා වෙනසක් ඇති කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

පුංචි කාලයේ ඔබේ අරමුණ වුණේ මොකක්ද, ”මම පුංචි කාලේ ඉඳන්ම ආස කලේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වෙන්න. නැත්නම් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න. හැබැයි මට මේ අරමුණු දෙකටම යන්න පුළුවන් වුණේ නැහැ. ඊට හාත්පසින් වෙනස් අරමුණකට තමයි මගේ ජීවිතේ හැර වුනේ. ඒ කාෆ්ට් ඉංජිනියර්. හැබැයි මට මගේ පෙම්වතා නිසා එක අරමුණකට යන්න ආයේ අවස්ථාව හම්බවෙනවා. ලගදිම මගේ නිර්මාණයක් එක්ක ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

ඔබට අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ, ”ඇත්තටම මට ගොඩක් සතුටුයි මම අද ඉන්න තැන ගැන. කොහේ ගියත් කොතනදී වුණත් මට ගොඩක් අයගේ ආදරේ ලැබෙනවා. ඒ ආදරේ නිසාම මාව කොහෙන්ද දැක්කත් සමහරු මගේ ලඟට ඇවිල්ලා කතා කරනවා. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ නිසා තමයි මට ගොඩක් අයගේ ආදරේ මේ විදිහට ලැබෙන්නේ. ඉදිරියේදීත් හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙලා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *