පෙම්වතා ගැන මම කියන්නේ නැත්තේ නිලියක් ඒ ගැන කිවුවොත් සම්බන්දෙ නැති වෙනවා ඒකයි

ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ‘නන්නත්තාර’ ටෙලිනාට්‍ය මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙන ටෙලිනාට්‍යක් විදියට හඳුන්වන්න පුළුවන්, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි රම්බා කියන්නේ, පුංචි තිරයට පායපු අලුත්ම තරුවක් වන වින්ද්‍යා දෙගල්දොරුව තමයි මේ රම්බා කියන චරිතයට පන පොවන්නේ, ඉතින් අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන වින්ද්‍යා සමග,

ඉතින් වින්ද්‍යා කොහොමද රම්බාට ලැබෙන ප්‍රතිචාර ”රම්බා කියන්නේ ටිකක් වෙනස් සංකීර්ණ චරිතයක්, ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඒ ප්‍රතිචාර නිසා මමත් ගොඩක් පුදුම වෙලා ඉන්නේ, මොකද මේක මගේ පලවෙනි නාට්‍ය, ගොඩක් අයට මාව මේ නාට්‍යයෙන් හරියට හඳුනාගන්න බෑ, මොකද මේක මගේ පලවෙනි රංගනය නේ”

රංගනයට පිවිසෙන්නේ කොහොමද? ”මම ගුරුවරියක්, මම ඩුබායි රටේ තමයි ගුරු වෘත්තීය කලේ, 2017දී මගේ යාළුවො මාව බලෙන්ම වගේ කැන්ඩි බියුටි පැජන්ට් එකකට මාව දැම්මා, එතනින් පස්සේ මගේ පින්තූර සමාජ ජාලාවල ගොඩක් වයිරල් වුනා, ඒක දැකලා ෆිල්ම් එකකට ආරාධනා ලැබුනා, ඒකට කලිත් තෝරාගෙන ඉඳලා තියෙන්නේ පූජා උමාශංකර් එයා වෙඩින් එකට ඉන්දියාවට ගිහින් හිටපු නිසා ඒ අවස්තාව මට ලැබුනා, ඒ විදියට තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ”

ආදරේ ගැන මොකද හිතන්නේ ”ආදරේ ගැන මට කියන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක් ඒ තමයි ආදරය සම්පූර්න වෙන්න නම් සෙනෙහස සහ ප්‍රේමය කියන කැපවීම මේ හැම දෙයක්ම තියෙන්න ඕන, ආදරේ කියන්නෙම ඉවසීම තමයි, මම මගේ ආදරේ ගැන දැම්ම මොනවත් කියන්නේ නැතුව ඉන්නම් මොකද මට හිතෙනවා එහෙම කරන එක අපේ බැඳීමට ඉදිරියට අරගෙන යන්න හේතුවක් වෙයි කියලා මොකද ආදරේ ගැන කතාකරපු රංගන ශිල්පිනියන්ගේ ආදරේ වැඩිකාලයක් තිබ්බේ නෑ, මම ඒ අවදානම දැන්ම ගන්නේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.