Sat. May 21st, 2022

අපි හැමෝටම තමන්ට ආවේනික ලස්සනක් පිහිටලා තියෙනවා. ලස්සන කියන දේ සාපේක්ෂයි කෙනෙකුට ලස්සන දෙයක් තව කෙනෙකුට ලස්සන නැතිවෙන්න පුළුවන්. නමුත් ගොඩක් අය උත්සහ කරන්නේ ලස්සනම කෙනා වෙන්න. ඉතින් ලස්සන වෙන්න ඕන නිසා ගොඩක් ය මේකප් කරනවා, ඩයට් කරනවා, සල්ලි තියෙන අය ප්ලාස්ටික් සැත්කම් පවා කරනවා. ඉතින් අපි කියන්නේ මේ ලස්සන නිසා වෙලා තියෙන කනගාටු දායක පුවතක් පිලිබඳ.

අද අපේ කතා නායිකාව තමයි අමාෂා මොහොට්ටි, ඇය ගොඩක් අහිංසක සුන්දර තරුණියක්. හැමෝම වගේ ඇයට ආදරේට කිවුවේ ‘පමු’ කියලා ඇය ජීවත් වුනේ මාතර කඹුරු පිටිය ප්‍රදේශයේ. ඇය තරමක් මහත තරුණියක්. ඒ වගේම ඇය කැතයි මහතයි කියලා නිතරම විහිලුවට ලක්වුණ තරුණියක්. මේ හේතුව නිසා ඇය ඉඳලා තියෙන්නේ ගොඩක් දුකෙන්. ඇයට දරාගන්න අමාරුම දේ වෙලා තියෙන්නේ ඇය පන වගේ ආදරේ කරන ඇයගේ පෙම්වතාත් ‘ඔයාගේ කිසි ලස්සනක් නැහැ’ කියපු එක.

කොහොම වුනත් දැන් අවානාවන්ත ලෙස ඇය මේ ලෝකේ හැරදාලා ගිහින් ඉවරයි. ඔබත් කිසිම සවසක කවුරුවත් විවේචනය කරන්න එපා. ඔයා කෙට්ටුයිනේ ඔයා ගොඩක් මහතායි නේ ඔයා කලුයි නේ වගේ කතා කියන්න එපා. ආදරෙයිනම් හදවතින්ම ආදරේ කරන්න රූපයට ආදරේ කරන්න එපා, අපි හැමෝම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ගල් වගේ හිත උනත් රිදෙනවා ඒ නිසා හිත් එක්ක සෙල්ලම් කරද්දී පරිස්සම් වන්න හිතක් රිදුනම හිතක් බිඳුනම ඒ හිත හදන්න ලේසි නෑ, එක එක අය දුක දරාගන්න විදිය වෙනස්, ඒ නිසා පරිස්සමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *