පූනෑව ගමේ ඉඳන් ඇවිත් අද මම ඉන්න තැන දැක්කම මට සතුටුයි – චන්දිමා

අපේ කළා ලෝකය ටෙලිනාට්‍ය කලාව හරහා වෙනත්ම මානයකට රැගෙන ගියපු ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ කටකාර චරිතයක් තමයි ඩාර්ලින් අක්කා කියන්නේ, ඉතින් අපි ගොඩක් ආදරේ කරන ඩාර්ලින් අක්කගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියකවන චන්දිමා කරුණාදාස විසින්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ඩාර්ලින් අක්කා සමග,

ඉතින් චන්දිමා දැන් හැමෝම අතර කතාවෙන චරිතයක් නේ ඔයා, කොහොමද ලැබෙන ප්‍රතිචාර..? ප්‍රතිචාරනම් ගොඩක් ලැබෙනවා, මම හිතුවට වඩා පිරිසක් ඩාර්ලින් අක්කට කැමති වුනා, එහෙම කියන්න හේතුව තමයි මම පාරේදී දැක්කත් මාව අඳුරගෙන කතාරන්නේ ඩාර්ලින් අක්කා කියලා ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී හරිම සතුටුයි, මේ රංගනය නිසා මට අලුත් නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා, එක නාට්‍යක ෂූටින් යනවා තව කිහිපයක්ම තියෙනවා, බලමු ඉතින් ඉස්සරහට,”

නිලියක් වීම ගැන චන්දිමාට මොකද හිතෙන්නේ..? මම හදාරපු උපාධියට ගැලපෙනම දේ තමයි රංගනය, හැබැයි මම රංගනයට ආවේ ජනප්‍රිය වෙන්න බලාගෙන නෙවෙයි, හැබැයි මම කරන රංගනයක් දැකලා ඒවාට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දී නිහතමානී සතුටක් එනවා, මම නිර්මාණයකට සම්බන්ද වෙද්දී මේ චරිතයෙන් මම ජනප්‍රිය වේවි කියලා හිතලා රඟපාන්න යන්නේ නෑ, හැබැයි එකෙන් කියවෙන්නේ නෑ මම ජනප්‍රිය වෙන්න අකමැතියි කියලා, අවස්තාවක් ලැබෙනවානම් මම ඒ චරිතය බාරගන්නවා”

චන්දිමා මේ දක්වා ආව ගමන ගැන ආයේ හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ, ”මගේ ගම පූනෑව, ඉතින් එහෙම ගමක ඉඳලා කොළඹ ඇවිත් ඉගනගන්නවා හැරෙන්න අපිට වෙන දෙයක් නැහැ, මගේ පොඩි කාලේ ඉඳලම එකම අරමුණ වුනේ හොඳට ඉගනගෙන හොඳ තැනක රැකියාවක් කරන එක, ඒ වගේම මම මට පුළුවන් උපරිමෙන්ම ඉගනගත්තා, අන්තිමට කැලණි කැම්පස් එකට ඇතුලත් වෙන්න අවස්තාවක් ලැබුනා, මම මේ වෙද්දී නාට්‍ය හා රංග කලාව ශාස්ත‍්‍රවේදී සහ ශාස්ත‍්‍රපති උපාධි සම්පූර්ණ කරල තියෙනව. ඇත්තටම මම මේ දකවා ආව ගමන ගැන මට ගොඩක් සතුටුයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.