පුෂ්පිකා ද සිල්වා හෙලිකොප්ටර් එකකින් හදිස්සියේම ගිය අපූරු විනෝද චාරිකාව

ලංකාවේ කාලයක් වැඩිපුරම කතා වුන ජනප්‍රිය චරිතයක් තමයි පුෂ්පිකාද සිල්වා කියන්නේ. ඒකට හේතුව තමයි පසුගිය වසරක පැවැත්වුන විවාහක රූ රැජින තරඟය. පුෂ්පිකා විවාහක රූ රැජින කිරුල දිනාගත්තත් එම තීරණයට විරුද්ධව හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින වගේම ලෝක විවාහක රූ රැජින වන කැරොලින් ජූරි විසින් එම කිරුල ගලවලා වෙනත් තරඟකාරියකට ලබා දෙනවා. මේ පිලිබඳ ලංකාවේ වගේම විදෙස් මාද්‍යවලත් ගොඩක් කතා වුනා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පුෂ්පිකා ගැන ටිකක් කතා කරන්න.

පුෂ්පිකා කියන්නේ කාන්තාවන් දරුවන් වෙනුවෙන් නිතරම හඬ නගන චරිතයක් ඉතින් මේ දේවල් කරන්නේ පුෂ්පිකා දේශපාලනේට එන්න බලාගෙනද ? ”නැහැ සමාජ සත්කාර කරන්න දේශපාලනයට එන්නම ඕන නැහැ නේ. දේශපාලනය කියන්නේ යම්කිසි තනතුරක් යටතේ ලැබෙන බලයක්. දේශපාලනයේදී වරප්‍රසාද බලය අදාළ අංශයන් යටතේ මුදල් හම්බෙනවා, නමුත් සමාජ සේවය කරන්න දේශපාලනය අදාලම නෑ. ඉතින් ඒ දේවල් කරන්න දේශපාලනයම ඕන නෑ කියලයි මම හිතන්නේ.”

ලාංකික කාන්තාවක් වීම ගැන මොකද හිතන්නේ. ”ඇත්තටම මම හරිම ආඩම්බර වෙනවා ඒ ගැන. අපි ලජ්ජා වෙන්න ඕන ඉංග්‍රීසි කතා කරන්න බැරි එකට නෙවෙයි ලාංකිකයෙක් වෙලා හරියට සිංහල බැරි එකට. මට හොඳට මගේ මව්බාශාව කතා කරන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්, හැබැයි මම හැම වෙලාවකම නියෝජනය කරන්නේ මගේ රට. මගේ ජාතිය. වෙන රටවල්වල බියුටි පැජන්ට් නියෝජනය කරද්දී ඔව්න් භාවිත කරන්නේ ඔවුන්ගේ මවු භාෂාව, හැබැයි ලංකාවේදී එහෙම කලානම් ප්‍රශ්නයක් වෙනවා.”

ඉතින් මේ විදියට රූ රැජිනක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පුෂ්පිකා හැමෝගෙම කතාබහට ලක්වෙන වැඩක් කරලා තිබ්බා ඒ තමයි ඇය ඇයගේ පුංචි පුතා එක්ක නුවරඑළියේ පුංචි චාරිකාවක් ගිහින් ඇය මේ ගමන ගිහින් තියෙන්නේ පුද්ගලික හෙලිකොප්ටර් යානයකින් වීමත් විශේෂත්වයක්,

Related Posts

Leave a Reply

Your email address will not be published.