Tue. May 17th, 2022

යුරේනි නොෂිකා කියන්නේ කලින් කලට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වෙන රංගන ශිල්පිනියක්. ඇය විටෙක නිරූපණ නිරූපන ශිල්ණ ශිල්පිනියක් ද විටෙක නිවේදන ශිල්පිනියක්ද විටෙක රංගන ශිල්පිනියක්ද වෙනවා. කිසියම් වෙතත් ඇය සිය මුහුණු පොතේ මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන මාතෘකාවක් ගැන සටහනක් තබා තිබුණා. ඒ පුෂ්පිකා ද සිල්වා ගැන. පහුගිය දිනවල ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළේ කිරුළක් සම්බන්ධව. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විවාහක රූ රැජන කිරුළ මේ වන විට ඇයට අහිමි වී තිබෙනවා. එය නිල වශයෙන් ප්‍රකාශ කළේ චන්දිමාල් ජයසිංහ. පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා විවාහක රූ රැජන කිරුළ දෙනා ගත් අවස්ථාවේ දී ලෝක රූ රැජන කිරුළ හිමිකරගත් කැරොලයින් ජුරි යම් සිදුවීමක් සිද්ද වුණා. සිදුවීමෙන් අනතුරුව ලෝක රූ රැජන කිරුළ කැරොලයින්ට අහිමි වි ගියා.

ඒ කොහොම වුනත් මේ සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙද්දි පුෂ්පිකා ද සිල්වාට කිරුළ අහිමි කිරීම ගැන යුරේනි නොෂිකා පවසා සිටියේ මේ වගේ අදහසක් ,

”මම කිසිම කෙනෙක්ට වරදක් පටවනවා නෙවෙයි. නමුත් මේ දේ කිව යුතුයි කියලා හැගුනා. මුලු මිලියන 21 ක ජනතාව අතරින් ඔබට මිනිසුන්ගේ ආකර්ශනය, අවධානය ලබන්න, නම කියු සැනින් මිනිසුන් ඔබව හදුනනවනම් ඔබ ගොඩාක් වාසනාවන්ත විය යුතුයි. එ පිලිගැනීම නිසාවෙන් මේ රට, තමන්ගේ ජාතිය නියෝජනය කර ජාත්‍යන්තරයට යන්න ලැබෙනවා කියන්නේත්, තම මව් රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යවන්න සුදුසු කෙනෙක් පත් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා කියන්නේත් ඔයාලා සියලු දෙනා ඉතාමත් වාසනාවන්ත පිංවන්ත විය යුතුයි. එසේ දෙවියන් විසින් හෝ සොබාදහම විසින් දීලා තියෙන ආශීර්වාද වගකීමෙන් සහ තමන්ගේ මව්රටට උපරිම කීර්තියක් ගෙන දෙන ලෙස පාවිච්චි කරන එක අපි සියලු දෙනාගේ වගකීමයි. තමන්ගේ පුද්ගලික ක්‍රියාවන්, හැසිරීම් ජාත්‍යන්තරයක් ඉදිරියේ පිලිබිඹු වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවක් ලෙසයි. එක නිසා අපි සියලු දෙනා මීට වඩා වගකීමෙන් කටයුතු කරමු.” යනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *