පුංචි සුරංගනාවියට දැන් අවුරුදු දෙකක්, ප්‍රමුදි පුංචි දියණියගේ උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කරපු ලාංකේය ඉතිහාසයේ නිර්මාණය වූ ළමා සිනමාපට අතරින් අදටත් හැමෝගෙම අවධානයට ලක්වෙන සිනමාපටයක් තමයි සරෝජා කියන්නේ, අදටත් එදා වගේම මෙම සිනමාපටයට හැමෝම වගේ ගොඩක් ආදරයි, ඉතින් මේ සිනමාපටය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ළමා රංගන ශිල්පිනියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ,

සරෝජා සිනමා නිර්මාණ හරහා විතරක් නෙවෙයි සිරස ටීවී නාලිකාවේ විකාශනය වුන පළමු ළමා වැඩසටහන වන පුංචි පැංචි වැඩසටහනේ නිවේදිකාව වුනෙත් ප්‍රමුදි කරුනාරත්නයි, ඉතින් ඇය මෙම වැඩසටහන නිසාම ප්‍රමුදි හැමෝගෙම පුංචි පංචි බවට පත්වුනා, ඉරාන ජාතික සම්මාන උලලේදේ සරෝජා සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා නිළිය වෙනුවෙන් හිමිවෙන සම්මානය හිමිකරගන්නත් සමත් වුනා,

කොහොම වුනත් මේ වනවිට පුංචි පැංචි කියන්නේ දියණියන් දෙදෙනෙක්ගේ ආදරණීය මවක්, ඒ වගේම මේ වනවිට ප්‍රමුදි කරුණාරත්න කළා ලෝකය හරහා දකින්න ලැබෙන්නේ නෑ, ඉතින් ප්‍රමුදි ඇයගේ සැමියා ගැන අපිට කිවුවේ මෙහෙමයි, ‘මට මගේ සැමියා හම්බවුනේ කළා ලෝකයට සම්බන්ද වෙලා ඉන්න කාලෙමයි, අපි කාලයක් ආදරේ කරලා විවාහ වුනා, ඉවාහයත් එක්ක මම කලාවෙන් ටිකක් ඈත් වුනා මොකද මට ඕන වුනේ මගේ පවුලට වැඩි අවධානයක් දෙන්න,”

දැන් ඉන්න ළමා රංගන ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් ගැන මොකද කියන්න තියෙන්නේ ”දැන් ඉන්න පුංචි නංගිලා මල්ලිලා ගොඩක් ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරනවා, මම මගේ පුචි පැටවූ දෙන්නටත් ළමා වැඩසටහන් ගොඩක් පෙන්වනවා, ඒ වගේම තමයි දැන් ඉන්න තරුණ රංගන ශිල්පියන් වගේම රංගන ශිල්පිනියන් ගොඩක් දක්ෂයි, මටත් දැන් රංගනයට ආරාධනා ලැබෙනවා, හැබැයි මම ආයෙමත් රංගනයට එකතුවෙන්නේ නෑ කියලයි හිතාගෙන ඉන්නේ, මොකද දැන් මට වගකීම් වැඩියි අම්මා කෙනෙක් නේ”

ඉතින් මේ විදියට හැමෝගෙම කතාබහට ලක්වෙන ප්‍රමුදි පසුගිය දවසක ඇයගේ බාල දියණිගේ උපන්දිනය සමරලා තිබ්බා, අයගේ නම ස්වරා, ස්වරාගේ දෙවැනි උපන්දිනය තමයි ප්‍රමුදි මේ විදියට සමරලා තිබ්බේ, ඉතින් අපි හැමෝම ආදරේ කරන ප්‍රමුදිගේ පුංචි දෝනිට සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

Related Posts

Leave a Reply

Your email address will not be published.