Tue. May 17th, 2022

හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ”කොලොම්බෝ” ටෙලිනාට්‍ය හරහා ඔබේ ආලින්දයට සමීප වනවා. ඉතින් අද අපි මේ කතරකරන්න යන්නේ ගයත්‍රි සමග.

ගයාත්‍රී මේ දවස්වල මොකද කරන්නේ ”පහුගිය කාලයේ නම් මම ලංකාවේ හිටියේ නෑ, ඒත් මම ලඟදි ලංකාවට ආවා ඒ වගේම ටෙලිනාට්‍යක් බාරගෙන තියෙනවා ඒවගේ වැඩ කරගෙන යනවා. ඒ වගේම මගේ සැලුන් එකෙත් වැඩ යනවා. කියන්න තරම් විශේෂ දෙයක් නෑ, මොකද ගයත්‍රි කියන්නේ වෙනස් වෙන්නේ නැති චරිතයක් නේ”

දුවලා දෙන්නා එහෙම මොනවද කරන්නේ ”මගේ ලොකු දුව මලීෂා එයා I.Tපැත්තෙන් ඉදිරියට යන්න තමයි උත්සහා කරන්නේ. ඒ වගේම ඇය ගායනයට ගොඩක්ම දක්ෂයි මම නිතරම එයාව දිරිමත් කරනවා ගායනය පැත්තෙන් ඉදිරියට යන්න කියලා, පොඩි දුව දුවාෂා, චිත්‍රපටයක රඟපෑවා, එයා රංගනයට දක්ෂයි. මම ළමයින්ට මේ දේ කරන්න කියලා බල කරන්නේ නෑ එයාලා ආස පාරවල් වල යන්න දීලා මම බලාගෙන ඉන්නවා.”

1968 අප්‍රේල් මස 16 දින උපන් ඇය, පසුගිය 16 වනදා අපේ කතා නායිකාව ගයත්‍රි ඩයස් සිය 54වන උපන්දිනය සමරලා තිබ්බා, කළා ලෝකයේ ගොඩක් අය ඇයට සුබපතලා තිබ්බා. ඒ වගේම තමයි ගයාත්‍රී උපන්දිනය දවසේ කරපු පොටෝ ෂූට් එකක් නිසා මේ වනවිට ඇය සමාජ ජාලාවල නිතරම කතාබහට ලක්වෙන චරිතයක්වෙලා. අවුරුදු 54ක් වෙලත් තාම පුංචි බබෙක් වගේ සුන්දර ගයත්‍රි ඩයස්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *