Tue. May 17th, 2022

දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතය ටෙලි නාට්‍යය හරහා ජනප්‍රිය වුණ හංසිනි මේ වන විට ආදරණීය මවක්. ඉතින් අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. සංගීතයේ කියන දේ නිසාම කලා ජීවිතය ආරම්භ කරපු අයගෙන් අපි මුලින්ම අහන්න හිතුවේ සංගීතය ගැනමයි. ඇත්තටමද ඔබ ජීවිතයේ අහන්න ආස කරන සිංදුව මොකක්ද, මට එහෙම විශේෂ සිංදුවක් නැහැ. මම ගීත අහන්න කැමති ගායක ගායිකාවෝ කිහිප දෙනෙක් ඉන්නවා. එයාලගේ ගීත අහන්න මම කැමතියි. ඒ අයගේ ගීත වලට මම ගොඩක් ආස කරනවා. නන්දා මාලනි මහත්මිය, උමාරියා මහත්මිය, ටී එම් ජයරත්න මහතා වගේ ගායක ගායිකාවෝ ඒ අතර ඉන්නවා. මම නිතරම අහන්නේ ඒ අයගේ සිංදු.ඒ අතර මම තවත් කැමති කටහඬක් තමා නවීන් කියන්නේ. ඒ හඩ නම් මට නිරන්තරෙන් ඇහෙන කටහඬක්.

ඔබ ජීවත් වෙන්න කැමැති කොයි විදිහටද, මම කැමැතියි කාටවත් ප්‍රශ්නයක් ඇති නොකර ජීවත් වෙන්න. කාගෙවත් ජීවිත වල ප්‍රශ්න මට එකතු කරගන්න මම කැමති නැහැ. මම පුලුවන් තරම් කැමති අනිත් කෙනාට උදව් කරගෙන මේ ගමන යන්න. ඇත්තටම මට ඕනේ ජීවිතේ සතුටින් ජීවත් වෙන්න. මොකද ජීවත්වෙන්න බලාපොරොත්තු ඇති වෙන්නේ අපේ හිතේ සතුට තිබුනොත් විතරයි.

ඔබ ආස කරපු සෙල්ලමක් තියෙනවද, ඇත්තටම මම කැමතියි අදටත් පොඩි ලමයි එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න. පහුගිය දිනවල මම ලුඩෝ සෙල්ලම් කරා පොඩි අයත් එක්ක. ඒ සෙල්ලම් කරන්නත් පොඩි ලමයි ගොඩක් එකතු වුණා. හැබැයි ඉතින් මම ඒ තරගයෙත් දිනුම විතරයි බලාපොරොත්තු වුණේ.

ඔබේ පාසල් කාලය ගැන මතක් කළොත්, පාසල් ජීවිතය තුළ ලස්සන මතක එකතු කරගත්ත කෙනෙක් තමයි මම. මට හරි සුන්දර පාසල් කාලයක් තිබුණා. ඒ කාලේ ඉඳන්ම මම පාසල් යන්න කම්මැලි ළමයෙක් නෙවෙයි. මම පාසල් වැඩ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් කළා. ඒ වගේම පුංචි පුංචි දග වැඩ කරලා ගුරුවරුන්ගෙන් දඬුවම් පවා වින්දා. ඉතින් හරි සුන්දර පාසල් කාලයක් මගේ හදවතේ අදටත් රැදිලා තියෙනවා .

ලංකාවේ ඔබ යන්න ආස කරන තැනක් තියෙනවද, මගේ ගම තිස්සමහාරාමය. ඉතින් ඒ නිසාම මම ඒ පැත්තට හරි ආසයි. ඊට අමතරව මම නුවරඑළිය පැත්තටත් ආසයි. ඒ වගේ තැනක සංචාරය කරන්න වුණත් මම දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වගේ තැනක නතර වෙලා තමයි විනෝද වෙන්න ඕන. තම මම නුවරටත්. මොකද ඒ දේශගුණය හරි වෙනස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *