Tue. May 17th, 2022

කළා ලෝකයේ හැමෝම අදටත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියන්නේ. වෙළඳ දැන්වීමක් නිසා ජනාදරයට පත්වුණ ඇය රංගනයට පිවිස ඉතාම කෙටි කලකින් විවිධ චරිත නිරූපනය කරමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්න සමත්වුනා. ඒ වගේම අශිකා පසුව රිදී තිරයටත් පිවිසෙනවා.

අශිකා දැන් වැඩිය පෙන්න නෑ නේ ඇයි ඒ ”මම දැන් ළමයි තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්, ළමයි ලැබෙන්න ඉන්නකොට මම තාවකාලිකව කලාවෙන් සමුගත්තා. ඊටපස්සේ මම ආයේ රංගනයට එකතුවුනා. දැන් නම් වැඩිය නිර්මාණ බාරගන්නේ නෑ ළමයින්ගේ වැඩත් එක්ක කාර්යබහුල වෙනවා. කළා ජීවිතේ වගේම පුද්ගලික ජීවිතේ ගැනත් බලන්න ඕන නේ.”

කාලයක් එකදිගට ටෙලිනාට්‍ය වලින් දැකගන්න ලැබුන අශිකා දැන් වැඩිය ටෙලිනාට්‍ය බාරගන්නේ නැත්තේ මොකක් හරි පරශ්නයක් නිසාද..? ” අනේ එහෙම ප්‍රශ්නයක් නෑ. හොඳ එකක් ආවොත් බාරගන්නවා. ටෙලිනාට්‍ය වලට ගොඩක් කල් යනවා ලොකු කැපකිරීම් කරන්න වෙනවා. මට එහෙම කැප කරන්න කාලයක් නෑ. ඒ නිසා මම වෙළඳ දැන්වීම් පැත්තට යොමුවුනා. මට රඟපාලා මුදල් හම්බකරන්න ඕන නෑ මට ඕන කලාවේ රැඳී ඉන්න විතරයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *