අපි හැමෝම ගොඩක් ආදරේ කරන කළා ලෝකයේ ඉන්න තරු යුගලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. සාරංග පලවෙනි විවාහයට සමුදීලා තමයි දිනක්ෂි සමග විවාහ වෙන්නේ. ඉතින් මේ වනවිට සාරංග සහ දිනක්ෂි ආදරණීය දෙමාපියන් යුවලක්, කොහොම වුනත් සාරංග සහ දිනක්ෂි තවම එයාලගේ පුංචි දෝනිගේ මුහුණ තවම කාටවත් පෙන්නලා නෑ.
ඒ වගේම තමයි අලුත උපන් සාරංගගේ සහ දිනක්ෂිගේ පුංචි දෝනිට පසුගිය දිනක මාස හයක් සම්පුර්ණ වුනා. ඉතින් ඒ වස්තාව ගොඩක් චාම් විදියට සාරංගගේ පවුලේ අය සහ දිනක්ෂිගේ පවුලේ අය එකතුවෙලා සමරලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි සාරංග සහ දිනක්ෂි ශ්රී දලධා මාලිගාවට පුංචි දොනිත් එක්ක ඇවිත් තිබ්බා,
කොහොම වුනත් චුටි දෝනිට මාස හයක් යනකන් නමක් තිබ්බේ නෑ. ඉතින් සාරංග සහ දිනක්ෂි තීරණය කරලා තියෙනවා ඇයට මාස හයක් පිරුණම නමක් දෙන්න. ඉතින් මේ නම හැදිලා තියෙන්න යන්නේ දිනක්ෂි සහ සාරංග ඇතුළු පවුලේ අයගේ නම් වල අකුරු එකතු කරලා කියලයි Saranga – Dinakshie යුටියුබ් නාලිකාවේ වීඩියෝවක් මගින් පලකරලා තිබ්බේ. ඉතින් සාරංග සහ දිනක්ෂිගේ පුංචි දෝනිට දාපු නම තමයි ”සරන්යා” ඉතින් අම්මා තාත්තා සහ පුන්චිලා දෙන්නා වගේම සරන්යා දොනිටත් ලංකාවේ හැමෝම ආදරේ කරන චරිතයක් වෙන්න ලැබේවා කියලා අපි හදවතින්ම ප්රාර්ථනා කරනවා.