පිළිකාවකින් පීඩාවින්ද සුසන්තාට දැන් සුවයි – බලන්නකෝ අම්මගෙයි දුවගෙයි ලස්සන

හැමෝම ගොඩක් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා කියන්නේ. කාලෙන් කාලෙට විවිද නිර්මාණ හරහා කළා ලෝකයේ පේන්න හිටියත් දැන්නම් ඇය වැඩිය පෙන්න නෑ, ඉතින් මේ දවස්වල වැඩිය පෙන්න නැති තිසුරි එක්ක කතා කරන්නයි අද අපේ සූදානම්. ඉතින් තිසුරි කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ..? ”මේ දවස්වල ඉතින් සාමාන්‍ය විදියට ඉන්නවා, මගේ වේලාවෙන් ගොඩක්ම වෙලාව වෙන්කරලා තියෙන්නේ මගේ පවුලට ඉතින් මම මගේ ආදරණීයන් එකක් ගොඩක් සතුටෙන් ඉන්නවා”

තිසුරි විවාහ වෙලා ඉන්නේ හොඳම යාලුවෙක් එක්ක ඉතින් ඒ ආදර යෝජනාව ලැබුනම මොකද හිතුනේ..? ”මගේ තාත්තයි එයාගේ තාත්තයි සෑහෙන කාලයක ඉඳලා හොඳම යාළුවො. ඉතින් මමත් සෑහෙන කාලයක් එයා හොඳට දන්නවා. හැබැයි මම එයාගෙන් ඒ වගේ ඒ වගේ යෝජනාවක් බලාපොරොත්තු වුනේ නෑ. එයා මට ආදරෙයි කිවුවට පස්සේ මම සෑහෙන කාලයක් ඒකට උත්තර දෙන්නේ නැතුව හිටියා, ආයෙමත් අහද්දී මම කල්පනා කළා නොදන්නා කෙනෙක් එක්ක විවාහ වෙනවට වඩා දන්නා කෙනෙක් එක්ක විවාහ වෙනවා කියන එක හොඳයි කියලා, ඊටපස්සේ මම එයාට කිව්වා මගේ අම්මගෙන් අහන්න කියලා, මමත් අම්මට කිවුවා, ඊටපස්සේ අපේ අම්මා කිවුවා තාත්තලාගේ බැඳීම් වලට හානියක් දෙන්න බෑ කියලා. තාත්තලා කැමතිනම් කැමතියි කියලා අම්මා කිවුවා. හැබැයි හිතපු නැති විදියට හැමෝම කැමතිවුනා”

හැමෝම කියන දෙයක් තමයි නිලියක් වුනාම ලස්සනට ඉන්න ඕන කියලා. හැබැයි ඔබ විලාසිතා කරන්නේ ගොඩක් අඩුවෙන් නේද..? ”ඔව් මම විලාසිතා කරන්නේ ගොඩක්ම අඩුවෙන් මොකද මම කැමති චාම් විලාසිතා වලට, සමහර අය මට කෙලින්ම කියලා තියෙනවා ඇයි ඔය විදියට අඳින්නේ කියලා. ඒත් මට චාම් කම තමයි ගැලපෙන්නේ. එකේ ලොකු ලස්සනක් තියෙනවා කියලා මම දන්නවා”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ කරන තිසුරිගේ ආදරණීය මව තමයි ජනප්‍රිය නිලි සුසන්තා චන්ද්‍රමාලි පසුගිය කාලයේ ඇය දරුණු පිලිකාරෝගයකින් පීඩා වින්දා කොහොම වුනත් මේ වනවිට ඇය සුවෙන් ඉන්නවා, ඉතින් දැන් ඇය ගැන නැවතත් හැමෝම කතා වෙන්න පටන් අරගෙන එයට හේතුව තමයි ඇයගේ අලුත් කොන්ඩ විලාසිතාව. ඉතින් ඇයගේ මේ පෙනුමට ඇයගේ ආදරණීය රසික රසිකාවියන් විශාල පිරිසක් ඇයට නිරෝගී සුව පතලා තිබ්බා.

Related Posts

Leave a Reply

Your email address will not be published.