Tue. May 17th, 2022

පියුමි ශ්‍රිනායක කියන්නේ නවක පරපුරේ දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඇය බොහොම නිහතමානී චරිතයක්. සරල චාම් ගති පැවතුම් තියෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඇය සමාජ මාධ්‍ය තුලද බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිසාම අපි මුලින්ම අපේ කතාව සමාජ මාධ්‍ය තුලින් ආරම්භ කළා, ”මම ගොඩක්ම කැමති instragarm වලට. මේ වෙද්දි මට ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්නවා. සමාජ මාධ්‍ය අතරින් වැඩිපුරම කැමති එක තමා ඒක.”

ඔබ වැඩිපුරම කැමති ගැහැනු යාලුවන්ට ද පිරිමි යාලුවන්ට ද, ”මම වැඩිපුර ආස පිරිමි යාලුවන්ට. මොකද ගැහැණු අයගේ හිත් වල වගේ පිරිමිය අයගේ හිත්වල කුහකකම ඉරිසියාව ගෑවිලාවත් නැහැ. එයාලා තව කෙනෙකුට වල කපන්න උත්සහ කරන්නේ නැහැ. නැගිටින්න හදන අයගේ කකුල් වලින් අඳින්න හදන්නේ නැහැ. අද සමාජයේ ගොඩක් ගැහැනියකට ගැහැනියක් ඉරිසියයි. ඒ නිසාම මම කැමති මට පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවට.”

ඔබ විලාසිතා කරන්න කැමති කොහොමද, ”එහෙම කියලා කියලා විශේෂයක් නැහැ මට. මට ගැලපෙන මට හොඳ ඕනම විලාසිතාවක් මම කරනවා .විලාසිතා එකක් කියලා වර්ග කරන්නේ නැහැ මම. කාලෙන් කාලෙට එන හැම විලාසිතාවක්ම මං අත්හදා බලනවා. මොකද විලාසිතා කරන්න කැමැති කෙනෙක්. හැබැයි මම මට ගැළපෙන විලාසිතා විතරයි තෝරා ගන්නේ. තැනට සුදුසු විදිහට විලාසිතා කරනවා.”

ඔබ ඉන්න කැමති චාම් කෙනෙක් විදිහටද, ”මේකප් කරපු කෙනෙක් විදියට ද, මම කොහොමත් ඉන්න කැමති චම් කෙනෙක් විදිහට. රූගත කිරීම් වලදී විතරයි මම මේකත් කරන්නේ. ඒ අවස්ථාවල ඇරෙන්න වෙන තැන් වල මම මේකප් කරන්නේ නැහැ. මම කැමතියි සමාජය ඉස්සරහ සරල චාම් කෙනෙක් විදියට ඉන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *