Tue. May 17th, 2022

බාල මහලු හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. සඳනි මුලින්ම කළා ලෝකයට පිවිසෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘කෝටිපතියෝ’ ටෙලිනාට්‍ය හරහා. පසුව ඇය ‘අග්නි පියාපත්’ ඇතුළු තවත් ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා ඉතින් අද අපේ මේ කතාබහ සඳනි ප්‍රනාන්දු සමග.

සඳනි ඔබේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ද නෑ. ඉතින් කොහොමද කලාවට පිවිසුනේ ”එක අහම්බයක් අපේ පවුලේ කිසිම කෙනෙක් කළා ලෝකය සමග සම්බන්ද නෑ මම තමයි අපේ පවුලෙන් කලාවට ආව එකම කෙනා. ඇත්තම කියනවනම් මම මුලින්ම කැමරාවට මුහුණ දුන්න විදිය තවම මතකයි. ඒ හාරකොටිය ටෙලිනාට්‍යයේ රශ්මිගේ චරිතය. රශ්මි ඩාන්සින් ක්ලාස් එකේ ඉන්නවා තමා මුලින්ම රූපගත කළේ, ඒක ටිකක් ආදුනික වුනත් පස්සේ මම තීරණය කළා රඟපාන්න කලින් ටිකක් රංගන පිලිබඳ හදාරන්න ඕන කියලා. මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරාගන්නවා නම් ඒ ගැන දැනුවත් වීම හරිම වැදගත්, පස්සේ මම රංගන පිලිබඳ හදාරන්න පටන් ගත්තා”

දැන් ඔබ ආදරවන්තියක් නේද ”ඔව් මම සංගීතය තරම් විශාල ආදරයක් ලබන යුවතියක්. මගේ පෙම්වතා තමයි පියත් රාජපක්ෂ එයා ගායකයෙක්. මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ තමා ඔහු මට මුණගැසෙන්නේ. දැන් ඔහුගේ ආදරය මාව ජිවත් කරනවා. ඇත්තටම පියත් වගේ කෙනෙක් මට ලැබුනේ මගේ වාසනාවට, එයා මම ගැන නිතරම හොයනවා ඒ වගේම මාව ආරක්ෂා කරනවා, මට දැනෙන්නේ මම එයාට ආදරේ කරනවට වඩා දස දහස්ගුණයක් වැඩියෙන් එයා මට ආදරේ කරනවා කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *