Sat. Jun 25th, 2022

සාරංග දිසාසේකර කියන්නේ මේ වනවිට ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්, 1983 ජනවාරි 31වන දින උපන් සාරංග නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියෙකුලෙස ගොඩක් ජනප්‍රියයි, ඒවගේම සාරංග සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබුවා, ඒ වගේම සාරංග මේ වනවිට සිනමාපට 20කට අධික ප්‍රමාණයකට වගේම ටෙලිනාට්‍ය 25කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා,

2014 වසරේදී සාරංග පළමුවරට විවාහ වෙනවා ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උමාලි තිලකරත්න සමග, කොහොම වුනත් සාරංගගේ මෙම විවාහය සාර්ථක වෙන්නේ නෑ, ඉතින් පුද්ගලික හේතූන් කිහිපයක් මත සාරංග සහ උමාලි 2016 වසරේදී දික්කසාද වෙනවා, ඉන්පසු සාරංග නැතවත වරක් විවාහ වෙනවා, ඒ 2020 වසරේදී ජනප්‍රිය නිලි දිනක්ෂි ප්‍රියසාද් සමග, දැන් දිනක්ෂි සහ සාරංග කියන්නේ ආදරණීය දෙමාපියන් යුවලක්,

ඉතින් සාරංග මේ දිනවල රටේ ඇතිවෙලා තියෙන ගැටලුව පිලිබඳ නිතරම කතා කරන චරිතයක්, පසුගිය දිනවල ලංකාවේ පාර්ලිමේන්තුව රැස්වෙලා විවිද සාකච්ඡා පැවැත්වුනා නමුත් මෙම සාකච්ඡා වලින් කතා වුනේ රටේ ප්‍රශ්නේ නෙවෙයි මැති ඇමති වරුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඉතිනේ මේ පිලිබන්ඩ් සාරංග ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ අපුරු සටහනක් තියලා තිබ්බා ඒ තමයි ”පින් සිද්ධ වෙයි අනේ බං උඹලා රටේ ඉතුරු සල්ලි ටික විනාශ නොකර ඔය පාර්ලිමේන්තුව වහලා උඹලගෙ දුක් අඳෝනා කතා කර ගන්න Zoom Meeting එකක් තියා ගනිල්ලකො” කියලා, ඉතින් මේ කතාව පිලිබඳ ඔබට හිතෙන දේ අපිට කියන්න”