‘පිටින් කනවට වඩා වයිෆ් ගෙන් කන එක සැපයි’ රොමේෂ් කියන කතාව

ගායනය කියන්නේ හැමෝටම පිහිටන දෙයක් නෙවෙයි. ඒ වගේම බොහෝ දෙනෙක් ආදරෙ කරන කටහඩක් ආදරනීණිය පුද්ගලයෙක් විමත් ලේසි දෙයක් නෙවෙයි. ඉතින් සංගීත ලෝකයේ එක් චරිතයක් ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. ඔහු නමින් රොමේෂ් සුගතපාල. රොමේෂ්ගේ දවස ආරම්භය ගැන කතා කලොත්, “මම ඉතින් උදේ හයට වගේ තමා නැගිටින්නේ. එතනින් පස්සේ හොද වතුර විදුරුවක් බොන එක මගේ පුරුද්දක් වෙලා තියෙනවා. වතුර විදුරුව බිවාට පස්සේ මම ව්‍යායාම් කරනවා. ඒක දෛනිකව කරන දෙයක්

හැමදේම කරලා පුතාව පාසල් යවන්න ඒ දේවල් වලට උදව් කරනවා. උදේ කෑම අට නවය වගේ වෙද්දි ගන්නවා. මම කොහොමත් උදේ කෑම පරක්කු වෙලා ගන්නේ නෑ. හවස මගේ පවුල වෙනුවෙන් වෙන් කරන්න මම පුරුදු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මම බෑන්ඩ් එකේ අය එක්ක මියුසික් වැඩ කරනවා. යොදාගත්තා වැඩක් තිබ්බොත් ඒවාට යනවා.”

ඔ⁣බ ගායනයට විතරද දක්ෂ? “එහෙම නෑ මම හිතනවා මම සංගිත භාණ්ඩ වාදනයටත් දක්ෂ කෙනෙක් කියලා. මොකද මම ගායනය වගේම ඒ දේවලුත් ආසාවෙන් කරනවා. හැබැයි මම ගොඩක්ම ජනප්‍රිය ගායකයෙක් විදියට ඉතින් ඒ පැත්තෙන්ම පේන්න ඉන්නවා,”

මේ දවස්වල ලංකාවේ තරුණියන්ට වැඩිය කෑම ජාති හදන්නේ තරුණයෝ. ඉතින් රොමේෂ්ටත් උයන්න පුලුවන්ද? “අපොයි මට උයන්නනම් බෑ. හැබැයි මගේ වයිෆ් උයන දේවල් හරිම රසයි. එයා මට රසට උයලා දෙන නිසාම මම උයන්න පුරුදු ⁣වුනේ නෑ කවදාවත්. කොහොමත් කඩෙන් කරනවට වඩා වයිෆ් ගෙන් කන එක හොදයි මොකද එයාට ඒ තරම්ම රසට උයන්න පුළුවන්.”

ඔබේ ජීවිතයේ පවුලේ අයට දිලා තියෙන ඉඩගැන කතා කලොත්, “මට විවේකයක් ලැබුන හැම වෙලාවක්ම මම වෙන් කරන්නේ මගේ පවුල වෙනුවෙන්. එයාලාව පොඩ්ඩක් එළියට එක්ක යන්න එයාලා එක්ක විනෝද වෙන්න ආසයි. එයාලා වුනත් ආසයි මම වැඩ වලින් කාර්යබහුල නොවි ඉන්න තරමට. මොකද අපිට එතකොට එකටම කාලය ගත කරන්න පුළුවන්. මගේ ජීවිතේ පවුල වෙනුවෙන් තියෙන්නේ ලොකු ඉඩක්”

Leave a comment

Your email address will not be published. Required fields are marked *