කළා ලෝකයේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. අද හැමෝම වගේ ඇය හඳුනන්නේ ‘උදේනි අම්මා’ විදියට. ඒ ටීවී දෙරණ හරහා විශානය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහා. අද වෙනකොට රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණත් හිමාලි ඇයගේ කළා දිවිය පටන්ගත්තේ පුචි තැනකින් ඉතින් ඒපිලිබඳ ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක්
”මම හා හා පුරා කියලා කැමරාවක් ඉස්සරහ රඟපාන්න පටන්ගත්තේ හර්බට් රංජිත් පීරිස් මහත්තයාගෙ නාට්‍යයක, එකේ නම ‘වාඩිය’ එතකොට මගේ වයස යන්තම් අවුරුදු 11ක් වගේ ඇති. ඒ අවස්තාව ලැබුනේ අහම්බයකින්. සුරංගි රුවන්මලී කියන අක්කා නිසා තමයි මට මේ අවස්තාව ලැබුනේ, ඇය රංගන ශිල්පිනියක් ඇය මගේ අසල්වැසියෙක් ඉතින් එයා මට කතාකලා නංගි චරිතයක් තියෙනවා කරන්න එන්න කියලා.”
ඔබ රංගනයට විතරද දක්ෂ ”අපෝ නෑ, මට රංගනය, නර්තනය, ගායනය, නිවේදනය, හඬකැවීම වැනි හැම අංශයක්ම පුළුවන් ඒ වගේම මම වෘතීය මට්ටමෙන් ඒ මත නියැලෙනවා. මට වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ හඬ කැවීමට. පිටරට ප්‍රසංග ලැබුනොත් ගායනයේත් නියැලෙනවා. ඒ වගේම නර්ථයෙත් නියැලෙනවා,”
මවක් බිරිඳක් විදියට ඔබගේ දිවිය ගෙවෙන්නේ කොයි විදියටද ”ඇත්තම කියනවනම් මට විවේකයක් ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්, මම ගොඩක් කාර්යබහුලයි. හැබැයි පොඩි හරි ෆ්‍රී වෙලාවක් ලැබුනොත් යාළුවො සහ දරුවා එක්ක කොහෙහරි ඇවිදින්න යනවා. මට ඉන්න යාලුවෝ ටික දෙනයි, ඉතින් ඒ අය එක්ක මම ගොඩක් සතුටෙන් මගේ නිදහස් දවස ගෙවනවා.”