‘පැහැපත් වෙන්න දොඩම් ලේලි මූනේ ගාන්න’ ජනප්‍රිය නිලි මීනා කුමාරි කියන කතාව

මිනා කුමාරි කියන්නේ සුරූපි දක්ෂ රංගන ශිල්පිනියක් කියන්න උපහැරණ අවශ්‍ය නැත. අද අපි ලස්සන ගැන කතා කරන්න තෝරගන්නේ ඇයව. කාන්තාවක් ලස්සනට සිටිම වැදගත් කියලා ඔබ හිතනවද? “ඇත්තෙන්ම ඔව්. ගෙදරක ශ්‍රියාකාන්තාව විදිහට කාන්තාවක හදුන්වන්න හේතුව ඇය සතු ⁣විශේෂිත ලස්සන නිසා. ඇය පවුලක වාසනාව විදිහටයි දකින්නේ. අපිට කාන්තාවක් කියද්දි සුන්දර කතක් මැවෙන්නේ ඒ නිසා. අපි ලස්සන කියද්දි කාන්තාවක් හා කාන්තාවක් කියද්දි ලස්සන මැවෙන්නෙත් ඒ නිසා.”

ඔබේ සුන්දරත්වය රැකගන්න මොන වගේ දේවල්ද කරන්නේ? “කෑම බීම ගැන නිතරම සැලකිලිමත් වෙනවා. ශරිර සෞඛ්‍යයට හිතකර එළවළු පළතුරු නිතරම ආහාරයට ගන්නවා. විවේක දිනවල ව්‍යායාම් කරනවා. ඊට අමතරව මම උදේ ඇහැරුනහම වතුරු විදුරුවක් හවස නින්දට යද්දි වතුර විදුරුවක් වගේම දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට වතුර ⁣බොනවා. අනික මම හැමදාම ස්නානනය කරනවා. මොකද පොඩි කාලේ ඉදන්ම අම්මා මට කිවා හැමදාම ස්නානය කරන්න පිරිසිදුව ඉන්න කියලා. ඊට අමතරව පළතුරු යුෂ පානය කරනවා.”

සම පැහැපත්ව තියාගන්න ඔබ මොන වගේ ප්‍රතිකාරද කරන්නේ? “මම මගේ වයසට ගැළපෙන මට ගැළපෙන ක්‍රිම් වර්ග භාවිතා කරනවා. ඊට අමතරව මම හැමදාමට රෑට නින්සට පෙර මුළු ඇගම සෝදනවා. සුදු වෙන්න කියලා හිතාගෙනනම් මම විශේෂ දේවල් කරන්නේ නෑ. දොඩම් ලෙලි බ්ලෙන්ඩර් කරලා තලපයක් හදාගෙනත් සම පැහැපත් කරගන්න පුළුවන්”

විලාසිතා ගැන කතා කලොත්, “මම කොහොමත් ගොඩක් විලාසිතා කරන⁣ කෙනෙක් නෙවෙයි. සාරිය ඔසරිය තමා නිතරම අදින්නේ. මම දුවක් ඉන්න මවක් නිසා මම මගේ ඇදුම ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් වෙනවා. අනික අපි අපේ සංස්කෘතියට ගැළපෙන ඇදුම් අදින්න ඕනි”

වෘත්තියකින් ඉදිරියට යන්න ලස්සන කියන දේ වැදගත්ද? “නෑ මමනම් එහෙම හිතන්නේ නෑ. මොකද වෘත්තියකින් ඉස්සරහට යන්න තියෙන්න ඕනි උනන්දුව, කැපවීම විතරයි. මොකද ලස්සන කියන දේ වෙනස් වෙන්න පුළුවන් දෙයක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *