‘පැය දෙකක් ඒක අස්සේ ඉඳන් මාරම දුකක් වින්දේ’ ජනප්‍රිය නිලි ලක්මාලි කියන කතාව

මෑත කාලයේදී නව යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් ජනතාවගේ ආදරය දිනාගත් ඇය බුද්ධි ලක්මාලි.මීට මාස කිහිපයකට පෙර ඊජිප්තුවේ ශාම් එල් ෂේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස UNTOUCH සම්මානය දිනාගත් බුද්ධි ගැනයි අද අපි කතා කරන්න යන්නේ. බුද්ධි කියන්නේ වේදිකා වගේම පුංචි තිරයේත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයි ඒ ගැන කිව්වේ මේ වගේ අදහසක්, මම නිර්මාණ කරන්නේ තෝරා බේරගෙන.

මට ආරාධනා ලැබෙන හැම නිර්මාණයකටම මම සම්බන්ධ වෙන්නේ නැහැ. වේදිකා වගේම පුංචි තිරයත් මට හුරුපුරුදුයි. ස්වාධීන රූපවාහිනියෙත් සකර්ම ටෙලි නාට්‍යය කියන්නේ මට වෙනස්ම චරිතයක් ලබාදුන් ටෙලි නාට්‍යයක්. කලාව තුළින් ජීවිතය ඉස්සරහට යන්න ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා. මට තව මේ තව මේ ක්ෂේත්‍රය ගැන ඉගෙනගන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම දේම ඉගෙන ගෙන හොඳ නිර්මාණවලට මගේ දායකත්වය ලබා දෙනවා.

සකර්ම මේ ටෙලි නාට්‍යය ගැන කතා කළොත්,සමහරු ඇත්තටම මට ඒ චරිතයට බනිනවා. සමහරු හොඳ කියනවා. ඉතින් මම හිතනවා මගේ චරිතයට මම සාධාරණය ඉෂ්ට කරනවා කියලා.ඉතින් සකර්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා ද මා මතක් කළ යුතුයි.

UNTOUCH නිර්මාණය ගැන කතා කළොත් ඔබ හිතුවද මෙය හොඳම නාට්‍ය බවට සම්මානය ලබා ගනියි කියලා. ඇත්තටම හිතේ පොඩි බයක් තිබුණා. මොකද විවිධ රටවල් මේ සඳහා පැමිණ සිටියා. හැබැයි වේදිකාවට ගියාට පස්සේ මට ඒ බය නැති වුණා. රටවල් විසි එකක් අතරින් අපේ නිර්මාණය උසස් තත්ත්වයට පත් කරන්න අපිට පුළුවන් වුණා. ගොඩක් සතුටුයි ඇත්තටම මේ ලැබුණු සම්මානය ගැන.

මේ නිර්මාණයට විශාල කැපකිරීමක් කළා නේද, මට ලොකුම අභියෝගය වුනේ නෙට් එක පාවිච්චි කරන එක. මොකද මම පාවිච්චි කලේ නෙට් එකක් නෙමේ මාළු අල්ලන්න පාවිච්චි කරන නයිලෝන් දැලක්. ඇත්තටම හිතපු තරම් ලේසි වුනේ නැහැ මට ඒ නිර්මානයට සම්බන්ධ වෙන එක. පැය දෙකක් විතර මං නෙට් එක ඇතුලේ රඟපානවා. මගේ කොණ්ඩෙ පවා එකේ පැටලෙනවා.

ඒ කොහොම වුණත් මං මට පුළුවන් උපරිමයෙන් ඒ නිර්මාණයට මගේ දායකත්වය ලබා දුන්නා. මම හිතන්නේ අපි කණ්ඩායමක් විදියට එකමුතුව වැඩ කරපු නිසයි අපිට මේ සම්මානය ගන්න පුළුවන් වුණේ. මොකද හැමෝම වගේ ගොඩක් කැපවීමෙන් මේ නිර්මාණයට සම්බන්ධ වුණා. මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන මට ගොඩක් සතුටුයි. මොකද මේක ඒ තරම් හොඳ නිර්මාණයක්.

නිර්මාණයට ආව බලපෑම් ගැන කතා කළොත්, ඇත්තටම මේ නිර්මාණයේ දී අපේ වියදම් පෞද්ගලිකව අපිට දරන්න සිද්ධ වුණා. මොකද අපිට රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නැහැ. අනික සතියක් ඇතුලත අපිට පි.සි.ආර් තුනකට මුහුණ දෙන්න වුණා. මට මගේ වියදම් සඳහාත් ගොඩක් අය උදව් කළා

Leave a comment

Your email address will not be published. Required fields are marked *