Tue. May 17th, 2022

මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන ටෙලිනාට්‍යක් තමයි ‘මල්පිපෙන කාලේ’ කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ ඉන්න ‘නිල්නෙතු’ සහ ‘පිනිමුතු’ කියන චරිත දෙකම ගොඩක් ජනප්‍රියයි, මේ චරිත දෙකම නිරූපනය කරන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් විසින්. ඉතින් හැමෝම ආදරේ කරන නිල්නේතුගේ සහ පිනිමුතුගේ සැබෑ නම් තමයි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, අද අපේ කතාබහා මේ සුන්දර සහෝදරියන් දෙදෙනා සමග.

අක්කා නගෝ දෙන්නම දැන් ගොඩක් ජනප්‍රියයි නේද? ”ඔව් ලැබෙන ප්‍රතිචාර එක්ක හිතෙනවා ජනප්‍රිය වෙලා කියලා. ඒ නාට්‍යය විකාශනය වෙලා එක රැයෙන් අපි දෙන්නා ජනප්‍රිය වුනා. තාමත් සමහර ප්‍රේක්‍ෂකයන් අපි දෙන්නා ගැන හොයනවා. ඉතින් සතුටුයි මොකද අපි දෙන්නම ආසාවෙන් හිටියේ රඟපාන්න”

දෙරණ ‘ලිට්ල් ස්ටාර්’ හරහා නේද මේ අවස්තාව ලැබුනේ ”ඔව් වෙන්න පුළුවන් ‘ලිට්ල් ස්ටාර් සීසන්-5’ තරඟයට තමයි අපි දෙන්නම සම්බන්ද වුනේ. ගොඩක් අය අපි දෙන්නව අඳුරගත්තේ ටීවී දෙරණ හරහා. ඉතින් ආයෙමත් දෙරණ නාලිකාවේම රඟපාන්න ලැබුන එක ගැන මට ගොඩක්ම සතුටුයි.”

‘නිල්නෙතු – පිනිමුතු’ පාරේ යනකොට ප්‍රේක්‍ෂකයන්ට ඔයාලා අඳුරගන්න බැරිවෙනවා කියන්නේ ඇත්තද ”අම්මෝ ඔව් අපි පාරට බැස්සම මාර වැඩ තමයි අපි දෙන්නට වෙන්නේ. අපි දෙන්නම එක වගේ නේ ඉතින් සමහර අයට අපිව මාරු වෙනවා. මම බැරිවෙලාවත් මම ගවුමක් ඇඳලා, අක්කා ලෙගින් එකක් ඇඳගෙන පාරේ ගියොත් රේක්‍ෂකයන්ට හරියාකාරව අඳුරගන්න බැරි තරමට අතරමං වෙනවා ප්‍රේක්‍ෂකයන්. ලඟට ඇවිත් අහනවා ඔයාද පිනිමුතු නැත්තන් මෙයාද කියලා. ඒ අතමට ඒ අය අසරණ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *