‘පාකිස්තානයේ හැමෝම ආස සංගක්කාර අයියාට’ පුංචි හුරතලී ටාශියා කියන කතාව

ටාෂියා කාලිදාස කියන්නේ දක්ෂ සොදුරු රංගන ශිල්පිනියක්. ඉතින් ටාෂියා කියන්නේ පහුගිය දිනෙක පාකිස්තානයේ රූගත කරනු ලැබු අයෝමය ගැහැණිය නම් ටෙලිනාට්‍යයට සම්බන්ධ වුන තරුණියයි. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. ටාෂියාගේ පෞද්ගලික ජිවිතේ ගැන කතා කලොත්, ‘මගේ ගම මහනුවර. මම පවුලේ බාලයා. 2023 තමා ම⁣ම උසස් පෙළ හදාරන්නේ. පාසල් කාලයේදි මම නර්ථනය කියන දේ ඉගෙන ගත්තා. හැබැයි මම නාට්‍ය කියන දේ හදාරලා තිබුනේ නෑ. මගේ පවුලේ කිසි කෙනෙක් කලාවට සම්බන්ධ කෙනෙක් නෑ. මම වෙළඳ දැන්විම් 12කට සම්බන්ධ වෙනවා.”

මුලින් නිර්මාණ ගැන කතා කලොත්, “මම මුලින්ම රගපාලා මේ වගේ තැනකට එනවා කියලා හිතුවේ නෑ. මම මුලින්ම රඟපෑවේ ස්වාධින රූපවාහිනියේ ‘ඉන්ටර්නැෂනල්’ නාට්‍යයේ. එහිදි ඇත්තටම මට ප්‍රවින අය අය එකක් රඟපාන්න අවස්ථාව ලැබුනා. ඉතින් මට ලොකු අත්දැකිම් සමුහයක් ඒ තුළින් ලැබුනා.”

ඉන් අනතුරුව රංගනයට සම්බන්ධ වුනේ කොහොමද ? “මට මේ කාලයේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමා දාම් කියන ටෙලි නාට්‍ය. මගේ ඊලග නිර්මාණ තමා ‘චලෝ’ කියන්නේ. එහිදි මට මුල් කොටස් වලට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ. මොකද ඒ එක්කම තමා ම⁣ට පාකිස්තානයේ නිර්මාණයට ආරාධනා ලැබුනේ. ඉතින් ඒ නිසා මට අතරමඟ චලෝ ටෙලිනාට්‍ය අතරමග නතර කරන්න සිද්ධ වුනා.”

පාකිස්තානයේ රූගත කිරිම් ගැන කතා කලොත්, “මම මාස තුනත පාකිස්තානයේ රූගත කිරිම් වලට සම්බන්ධ වුනා. ඒ අය ලංකාවට ගොඩක් ආසයි. ලංකාවට ගොඩක් ආදරෙයි. විශේෂයෙන් සංගක්කාර අයියා ඇතුළු ක්‍රිකට් කණ්ඩායමට ආදරෙයි. එයාලා බුදු දහම ගැන ලොකු භක්තියකින් ඉන්න අය. එයාලා ලංකාවට තියෙන ආදරය නිසාමයි මේ නිර්මාණයට ලංකාවේ කෙනෙක් තෝරගෙන තිබුනේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *