Sat. May 21st, 2022

අපේ තරුණයන්ගේ හදවත සොරාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන තරුණියක් තමයි ප්‍රියසාද් පවුලේ පුංචි දෝනි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. කුඩා කාලයේ ඉඳලම කලාවට සම්බන්ද ඇය මෑත කාලයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තේ ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වුන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා, පසුව ඇය හිරු නාලිකාවේ විකාශනය වන ‘දිවි තුරා’ ටෙලිනාට්‍ය හරහා ලංකාවේ ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත් වුනා.

ශානුගේ අක්කලා දෙන්නම මේ වනවිට විවාහකයි. මෙච්චර කාලයක් තනිකඩව හිටපු ශනුද්‍රිත් දැන් පෙම්වතියක් වෙලා කියලා හැමෝම දන්නවා. ඒ වගේම ඇය පසුගිය දවසක ඇය පෙම්වතියක් බව හැඟවෙන චායාරූපයක් සමාජ ජාලා වලට එක් කරලා තිබ්බා ඒ වගේම ඇය අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ‘බිලියනක් අතරිනුත් තෝරාගන්නේ ඔයාව’ කියලා.

කොහොම වුනත් මේ වනවිට ඇය තවත් කතාවක් සමාජ ජාලා වලට එකතු කරලා. ඒ තමයි ‘ඔයාලා තව කෙනෙකුගේ ජීවිත්තේ අසාර්ථක තැන් ගැන කටකතා පතුරුවන්න කලින් මතක තියාගන්න, ඒගොල්ලොන්ගේ ජීවිතේ හඬ නගා නොකියපු පරිචේදත් තියෙනවා.’ කියලා. මේ සටහන නිසා ශනුද්‍රි ඉන්නේ මොකක් හරි දෙකට ගොඩක් දුකින් කියලා තේරෙනවා. ඉතින් හැමෝම ආදරේ කරන ශනුද්‍රිගේ හිත ඉක්මටම හැදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *