Sat. May 21st, 2022

පහුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු වලවෙට්ටුවා ටෙලි නාට්‍යයේ සමාධි ගේ චරිතයට පණ දුන් ඇය තිළිණි ෆර්නැන්ඩු. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ඔබේ කලාවේ ආරම්භය ගැන මතක් කලොත්, මම මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේනිරූපණ ශිල්පිනියක් විදිහට. මාව නිරූපණ චිත්‍රයට ගෙනාවේ කුරුණෑගල ‘Trend U Salon’ එකේ මයිකල් අයියා. එතැනින් එහාට ගොඩක් අය මාව ඉදිරියට අරන් ගියා. මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ 2020 වර්ෂයේ. මම රංගනයට නම් ගොඩක් ආස කෙනෙක් නෙවෙයි. හැබැයි තිබුණ පුංචි ආසාව නිසාම මම ඒ ආරාධනාව පිළිගත්තා.

ඔබ ඔබට කටකතා හැදෙනවට බය නැද්ද, මම වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්. කට කතා කියන දේවල් කොහොමත් හැදෙන දේවල්. ඇස් දෙකෙන් දකින්න නැතුව ගොඩක් අය චරිත සහතික දෙනවා. මම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ නම් කට කතා වලට බයයි. ඒත් දැන් මට ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙලා.

ඔබට මේ දවස් වල ලැබෙන ආරාධනා කොහොමද, ටෙලි නාට්‍යවලට නම් ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් මම රංගනයට මම ගොඩක් කැමැති නැහැ. මම වැඩිම වැඩිම කැමැත්තක් දක්වන්නෙ නිරූපණ ක්ෂේත්‍රයට. ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න තමයි ලොකුම බලාපොරොත්තුවත්. හොඳ චරිතයක් ලැබුණොත් හිතලා බලනවා රංගනයට එන එක ගැන.

වලවෙට්ටුවා කියන්නේ ඔබේ පළවෙනි ටෙලි නාට්‍ය වෙති කොහොමද ලැබුණු අත්දැකීම්, ගොඩක් හොඳ නිහතමානී ටීම් එකක් හිටියා. ගමක සුන්දර අත්දැකීම් ලබමින් ප්‍රවීණයන් යටතේ වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ප්‍රවීණයන්ගෙන් ලැබුණු උපදෙස් ඇත්තටම මට ගොඩක් වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *