Tue. May 17th, 2022

මෙරට සිනමාව තුළ නමක් රැඳවූ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ප්‍රවීණයෙක්. නමුත් සිනමාව තුළ ඔහු මැකී ගොස් අවසන්. එහෙත් ඔහුගේ නාමය අදටත් බොහෝ සිත් තුළ සැඟව ඇත්තේ අමරණීය චරිතයක් විදිහට. නමින් ඔහු ටෙනිසන් කුරේ. ඒ නම ඇහෙන කොට ඔහුගේ සිනමා නිර්මාණ දෑස් ඉදිරියේ මැවෙන තරමට ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් හදවත දිනා ගෙන අවසන්. රංගනය ඔහුට උණක් ලෙස තිබියදී චිත්‍රපට නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණ වලට ඔහු සහභාගි වී ඇති ගණන අනන්තයි.

නමුත් රූපය නිසාම ඔහු වැඩි වාර ගණනක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. 1972 වර්ෂයේ හද ඇඳි සිත්තම් චිත්‍රපටයේ පිටපත ලියැවුණේ ඔහුගේ අතින්. රංගනයක තියෙන ආසාව නිසාම ගෙදර අය සමඟ රංඩු වි ඔහුගේ මුදල් වලින්ම ඒ චිත්‍රපටය නිර්මාණය කලා. ඔහු මේ පළවෙනි නිර්මාණය ඔහුට තිරගත කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. අනතුරුව ඔහු අතින් රචනා වුණ සිනමා කෘතිය තමයි නොම්බර එකයි කියන්නේ.

කෙසේ වෙතත් ඔහු චිත්‍රපට අසූවකට වඩා ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා. සිනමා කලාවේ අඳුරු යුගය නිමා කරමින් රෑ ඩැනියල් දවල් මිගෙල් චිත්‍රපටිය විකාශය කරන්න මොහු සිය දායකත්වය ලබා දුන්නා. එහිදී රසිකයන්ට නව ජවයක් ලබා ගන්නද හැකි වුණා. 2000 වසරේදි රෑ ඩැනියල් දවල් මිගෙල් 2 නිර්මාණය වුණා. කෙසේ වෙතත් පළවෙනි වාර්තා බිඳ දමමින් රෑ ඩැනියල් දවල් මිගෙල් 2 ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණා.ඔහු පවසා සිටියේ හැම වරකම ඔහුට වටිනාම සම්මානය ලැබෙන්නේ ජනතා සම්මානය ලෙසයි. ඔහුට ඒ සම්මානයෙන් කිසිදු අඩුවක් තිබුණේ නැහැ. ඒ නිසාම ඔහුගේ ජීවිතය ඉතා තෘප්තිමත් ලෙස ගෙවී ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *